Latest Entries »

Linux කැතද?

එහෙනම් Emerald Theme Manager එකෙන් ලස්සන කරගමු. මුලින්ම Gnome desktop එකේ System->Administration->Add/Remove Software යන්න. ඊට පස්සෙ එකෙ Search bar එකේ Emerald කියල type කරල find බොත්තම ඔබන්න. ඊට පස්සෙ ඔබට packages කිහිපයක් පෙන්වාවි. ඒවා වලින් Themeable window decorator and compositing manager for Compiz පරකේජ් එක සහ ඔබේ desktop එක ලස්සන කර ගැනීමට themes ටිකක් ලබා ගැනීමට Themes for Emerald, a window decorator............... යන packages දෙක තෝරා යටන් තිබෙන Apply බොත්තම ඔබන්න. එවිට ඔබේ පරිගනකයේ Emerald Theme Manager එකයි Themes ටිකකුයි install වේවි.

ඊට පස්සෙ අයෙමත් Sytem->Preferences->StartUpApplications වෙතට ගොස් පහත පරිදි type කර ගන්න. 

මෙහිදී සිදුකරන්නේ Linux මෙහෙයුම් පද්ධතිය ආරම්භයේදීම emerald theme manager එක ආරම්භ වී අප පෙර සැකසු theme එක desktop එකට set වීමයි.

ඔන්න ඉතින් ඊට පස්සෙ computer එක restart කරන්න. ඊට පස්සෙ  System->Preferences->Emerald Theme Manager වෙත ගොස් ඔබට කැමති theme එක මත mouse button එක තබා select කිරීමෙන් ඔබේ windows වල හැඩය පාට වැනි බොහෝ දේ වෙනස් වන ආකාරය බලා ගන්න.


දැන් කව්ද කියන්නෙ Linux කැතයි කියල?

ඔබ කැමති Video Formats Play කිරීමට KPlayer

ලිනකස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන සාමාන්‍ය පරිෂීලකයාට තිබෙන අපහසුතා අතුරෙන් එකක් නම් තමන් කැමති video ෆයිල් වර්ගයක් ලිනක්ස් වල play කර ගැනීමේ අපහසුතාවයයි. නමුත් Kplayer මෘදුකාංයෙන් මෙම අපහසුතාවය මගහරවා ගත හැක. මෙම player එක මගින් අප සාමාන්‍යතායෙන් භාවිතා කරන flv, mpg, mp4, wmv වැනි ඕනෑම video format එකක files play කර ගත හැකිය.

මෙම player එක පරිගනකයේ ස්ථාපනය කර ගැනීමටද වැඩි දැනුමක් අවශ්‍ය නැත.

නමුත් මෙය භාගත කර ගැනමට internet සම්බන්දතාවය අවශ්‍ය වේ.

ඔබ gnome desktop එක භවිතා කරයි නම් system->Administration->Add/Remove Software යටතේ විවෘත්ත වන වින්ඩෝවේ Kplayer යනුවෙන් search කර එම පැකේජය පද්ධතියේ ස්ථාපනය කරගන්න. එය සිදුකිරීම සිංදුවක් අසන තරමටම පහසුවේ. Player එක ගැන තව දුරටත් ඉගෙනීමට එහි help එක භාවිතා කරන්න.

වැඩිදුර ඉගෙනීමට MPlayer Documentation එක කියවන්න.

chmod මගින් ලිනකස් ෆයිල් වල Permission වෙනස් කරමු

ලිනක්ස් වල permissions යනු මොනවාද?

මෙයට සරලම පිළිතුර permissions යන ඉංග්‍රීසී වචනයේ අර්තයෙන්ම ලබා ගත හැක. එනම් 'අවසරය' යන්නයි. ලිනකස් මෙහෙයුම් පද්දධති යුනික්ස් මෙහෙයුම් පද්ධති මෙන් මෙහෙයුම් පද්ධතිය හසුරුවන වන පුද්ගල User Levels තුනක් හදුනා ගනියි.
The Owner
A Group
all others users
මෙම user levels තුන සදහා ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ අඩංගු ඕනෑම file වර්ගයක් වෙනස් කිරීමට අවසර ලබා දීම permission වෙනස් කිරීම මගින් සිදු කළ හැක.

ලිනක්ස් වල වෙනස් කිරීමට හැක්කේ කුමන permission වර්ගද?

ප්‍රධාන වෂයෙන් ලිනක්ස් වල user levels තුනෙන් ඕනෑම එකකට යම් කිසි ෆයිල් වර්ගයක්
ලිවීමට – write (w)
කියවීමට – read (r)
execute කිරීමට (x)
අවසර ලබා දීම කළ හැක.

එසේ අවසර ලබාදීමට භාවිතා කරන විධානය වන්නේ chmodය. Chmod විධානයෙහි options තුලින් ඔබට යම් කිසි ෆයිල් වර්ගයක permissions වෙනස් කිරීම සිදු කළ හැක.

ඔබ සමහර විටක linux Terminal එකේ files හැසිරවීමේදී ls -l පාවිච්චි කර ඇතුවා නිසැකය.

[MWH@localhost ~]$ ls -l

total 64

-rw-rw-r--. 1 MWH MWH 742 2010-11-21 02:57 all.txt

drwxr-xr-x. 2 MWH MWH 4096 2010-11-24 14:57 Desktop

drwxr-xr-x. 3 MWH MWH 4096 2010-11-16 00:16 Documents

drwxr-xr-x. 3 MWH MWH 4096 2010-11-24 14:13 Downloads


එහි තිබු -rw-rw-r-- වැනි කොටස් හදුනා ගැනීමට ඔබට යම් කිසි විටක අපහසු වන්නට ඇත.
නමුත් මේ කියා තිබෙන්නේ මම දැන් කථා කරන ෆයිල් permission ටිකයි. උදාහරනයක් ලෙස

drwxr-xr-x. 2 MWH MWH 4096 2010-11-24 14:57 Desktop


යන්න ගනිමු.

එහි drwxr-xr-x කොටස ගනිමු
මෙය කොටස් හතරකට කැඩීමෙන් අපට මෙම ෆයිල් එක සදහා මම ඉහතින් සදහන් කළ user levels තුන සදහා ලබාදී ඇති permissions කියවා ගත හැක.
දැන් drwxr-xr-x කොටස් වලට කඩන හැටි බලමු.

d rwx r-x r-x

උදා:-
- rw- rw- r--
d rwx r-x r-x
d rwx r-x r-x
d rwx r-x r-x
- --- --- ---

මම ඉහතින් පෙන්වා දී ඇති පරිදි පළමු අකුර හැරෙන්න ඉතිරි අකුරු තුන බැගින් වෙන් කළ හැක. මෙහිදී පළමු අකුරෙන් පෙන්වා දෙන්නේ කුමක්දැයි සාකච්ඡා නොකරමි.

ඉහත උදාහරණ වල පලමු අකුර හැරෙන්නට ගත් විට අකුරු තුනේ ගොඩවල්(set) තුනක් තිබේ යයි ඔබට පෙනීයාවි. මේ ගොඩවල් තුන පිළිඹිබු(represent) කරන්නේ මම ඉහත සදහන් කළ user levels තුනයි.
පළමු අකුරු තුනේ ගොඩ අදාල වන්නේ එම ෆයිල් එක සැකසූ පුද්ගලයාටයි. - The Owner
දෙවන අකුරු තුනේ ගොඩ අදාල වන්නේ groupඑකකටයි.
තෙවන අකුරු තුනේ ගොඩ අදාල වන්නේ owner හා group හැර අන් අයටයි.

drwxr-xr-x. 3 MWH MWH 4096 2010-11-16 00:16 Documents අරගත් විට මින් පැහැදිලිවන්නේ Documents ෆෝල්ඩරය අයිතිකරු(owner)ට කියවීමටත්, එම ෆෝල්ඩරය තුල ලිවීමටත්, execute(ක්‍රියාත්මක)කිරීමටත් හැකියාව ඇතිබවයි.
Group එකකකට එම ෆෝල්ඩරය කියවීමට හා execute කිරීමට පමනක් අවසර ඇත. නමුත් එම ෆෝල්ඩරය තුල ලිවීමට අවසර නැත.
Owner සහgroup එක හැර අනෙක් අයටද අවසර ඇත්තේ ෆෝල්ඩරය කියවීමට සහ execute කිරීමට පමණි.

මෙම permissions වෙනස් කරන්නේ කොහොමද?

එය ඉතා පහසු කාර්‍යකි.
පළමුව අදල permission වෙනස් කළ යුතු file එකේ permissions දැන ගැනීමට ls -l භාවිතා කරන්න.
දෙවනුව chmod යොදා +<>

මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

ඔබට යම් group එකකට permission ලබා දීමට අවශ්‍ය නම් විධානය වන්නේ

chmod g+rwx filename

මෙහි + ලකුනෙන් අදහස් වන්නේ permission ලබාදෙන්න(grant) යන්නයි. (මේ අකාරයටම – ලකුණ යොදා permission ඉවත් කිරීමද කළ හැක.)

ඔබට සමහර විටක යම් file එකක සියළු user levels සදහා එකවර සමාන permissions ලබා දීමට අවශ්‍ය නම් විධානය වන්නේ

chmod +rwx filename හෝ
chmod +x filename හෝ
chmod +r filename හෝ
chmod +w filename හෝ

යනුවෙනුයි.

දැන් ඔබට යම් ෆයිල් එකක permissions වෙනස් කිරීමට වැටහුනා යයි සිතමි.

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes