Latest Entries »

හන්තාන ලිනක්ස් පිළිබද ඇතුලත තොරතුරු නිර්මාපකයාගේ ඇසින්

හන්තාන ලිනක්ස් යනු ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතිය මත ගොඩ නැගූ සමීශ්‍රණ මෙහෙයුම් පද්ධතියකි.
එනම් මෙහිදි ෆෙඩෝරා රෙපොසිටරි  සහ වෙනත් බාහිර රෙපොසිටරි හරහා පැකේජ ලබා ගනි.

එලෙසින් අදාල නිකුතුව සඳහා අවශ්‍ය මූලික පැකේජ මෙන්ම යාවත් කිරීම්ද නිසි තත්ත්ව පරීක්‍ෂණයන් හරහා ඔබවෙත ලැබේ.

නිදහස් සහ විවෘත මෘදුකාංග වල කේතය ලබා ගත හැකි නිසා අවශ්‍ය කෙනෙක්ට එම කේතය හානිකර ලෙස සකසා යළි ඇසුරුම් කර (re-packaging)

අන්තර්ජාලයට මුදා හැරීමට අවකාශ ඇත. නමුත් ෆෙඩෝරා හරහා එන යාවත් කිරීම් එම ව්‍යාපෘතියේ තත්ත්ව පරීක්‍ෂණ ඉංජිනේරුවන් හරහා
ඔබට ලැබේ.

Red Hat හෝ Suse  වැනි පද්ධතියකට අදාල සමාගම් සමඟ සහායක ගිවිසුම් අත්සන් කර අවස්තාවක හැර, අනෙක් ඕනෑම අවස්තාවකදි
වෙනත් බාහිර පැකේජ ස්ථාපනයට ඔබට අවසර ඇත. ඒ ඔබේ නිදහසක්. නමුත් එවැනි කටයුත්තක් නිසා ඔබේ පද්ධතියේ ඇති වන ඕනෑම
අකර්මන්‍යතාවයක් සඳහා ඔබ අවදානම ලබා ගැනීමට සූදානම්ව එසෙ කළ යුතුයි.

එවැනි ක්‍රියාවකින් පසුව පද්ධතියේ සමහර මෘදුකාංග වල නිසි ක්‍රියාකාරිත්වයක් නොමැති වීම, පද්ධතියේ ආරක්‍ෂාව අවදානම් සහිත වීම, හෝ
වෙනත් හානියක් සිදු වුවහොත් පද්ධතිය මුලින්ම ස්තාපනය කළ පුද්ගලයාටවත් අදාල මෘදුකාංගවල නිර්මාපකයින්ටවත් දොස් පැවරිය නොහැක.

ඔබ හන්තාන ලිනක්ස් හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියක් සඳහා යාවත් කිරීම් ලබා ගන්නා විට ඒ සමඟ එන මෘදුකාංග එකිනෙක ගැලෙපීම් කර ඇත.

විශේෂයෙන්ම වෙළුම් අංක (version numbers). තෙවැනි පාර්ශවික යෙදුම් මඟින් පැරණි නිකුතුවන් සඳහා අදාල මොඩියුලයන් ලැබිය හැක.
ඔබ හන්තාන ලිනක්ස් 14 (14.1, 14.5, 15.6,.. ඔනම එකක්) භාවිත කරයි නම් ෆෙඩොරා 14 සඳහා අදාල උපදෙස් භාවිත කළ හැකියි.
උදා:  abc මෘදුකාංග හන්තාන 14.5 සඳහා ස්තාපනයට උපදෙස් අවශ්‍ය නම්.
 ගුගල් මත සෙවිමේදි Fedora 14 සහ  abc යන සෙවුම් වදන් භාවිත කරන්න.

තවද මෘදුකංගයක් ගැන විමසිමේදි හෝ අදහස් දැක්විමෙදි එම මෘදුකාංගයේ නිකුතුව කුමක්ද, මොන මෙහෙයුම් පද්ධතිය තුළද , වගේ තොරතුරු

දැන් වීමට කාරුණික වන්න.

හන්තාන මත දැනට නොමැති එනමුත් ඉදිරියේදි එක්විය යුතු යැයි හැගෙන මෘදුකාංග ඇත්නම් ඒබව දන්වන්න. අදාල මෘදුකාංගයේ නම, එම මෘදුකාංගයේ අවශ්‍ය තාවය,
අදාල මෘදුකාංගය නිමැවෙන ව්‍යාපෘතියේ වෙබ් අඩිවය වැනි තොරතුරු ලබා දෙන්න. එසේම එලෙස අත්‍යාවශ්‍ය මෘදුකාංගයක් හන්තාන මත ස්තාපනය කරන අයුරු මෙම සමූහයට දැන්වීම මඟින් අනෙක් අයටත් වැදගත් විය හැක.

ස්තුතියි,
--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://identi.ca/danishka

-- 
Subscribe to Hanthana User Group.
To post to this group, send email to hanthana-community@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en

~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes