Latest Entries »

How To Install Contiki & Cooja Simulator

මුලින්ම මම UCSC එකේ අසංකට ස්තූතිවන්ත වෙනව මට මේක කියල දුන්නට. පළමුවෙන්ම කියන්න ඕනෙ මම Contiki ස්ථාපනය කළේ Ubuntu 11.04 වල ඉදගෙනයි. කෙලින්ම වැඩේට බැස්සොතින් පියවර වෂයෙන්

1. මුලින්ම මම Applications->Accessories හරහා ගිහිල්ල Terminal එක ඇරගත්ත.

2. මම පාවිච්චි කරන්න බලාපොරොත්තුවෙන්නෙ කොන්ටිකි වල CVS version එක නිසා ඊලගට CVS install කරගත්ත පහත command එකෙන්

sudo apt-get install cvs

3.ඊලගට මම කොන්‍ටිකි source code එක download කරගත්ත පහත command එකෙන්

cvs -z3 -d:pserver:anonymous@contiki.cvs.sourceforge.net:/cvsroot/contiki co contiki-2.x

4.දැන් මම download කරපු folder එකේ පොඩි සාම්පල් කෝඩ් ටිකක් තියෙනව. ඒකෙ තියෙන hello-world කියන සාම්පල් එක compile කරගන්න මම පහත කෝඩ් එක ලිව්වා

cd contiki-2.x.x/examples/hello-world
make TARGET=native

5. ඊට පස්සෙ ඒ compile කරපු එක පහත command එක දීල run කරා

./hello-world.native

6. ඊට පස්සෙ මම ඒ compile කරපු කෝඩ් එකට අදාලව හැදිච්ච temporary files තියෙනවනම් ඒව අයින් කරන්න පහත command එක දුන්න.

make clean

7. හරි දැන් Contiki වැඩ.

8. ඊලගට මට Contiki operating system එක run වෙන network devices simulate කරන්න හදල තියෙන cooja කියන application එක install කරගත්ත.

9. Cooja දුවන්නෙ java jre එක උඩ නිසා මට java download කරගන්න උනා. ඒ සදහා පහත පියවර සිදු කරා

sudo add-apt-repository "deb http://archive.canonical.com/ lucid partner"
sudo apt-get update
sudo apt-get install sun-java6-jdk

10.cooja compile කරගන්න මට ant කියන tool එක download කරන්න උනා. පහත command එකෙන්

sudo apt-get install ant

11. හරි ඊලගට මට cooja compile cooja folder එකට ගියා

cd tools/cooja
ant run

12. හරි දැන් cooja වැඩ කරන්න පටන් ගන්න ඕනෙ. ඒක close කරාට පස්සෙ එය compile වෙනකොට හැදිච්ච temporary files අයින් කරන්න

ant clean දුන්න.

13. කොහොම හරි cooja එකේ මම අර කලින් run කරපු hello world example එකත් run කරන්න පුළුවන්. ඒත් ඒකට තව දේවල් ටිකක් install කරන්න වෙන නිසා ඒක කරන එක නවත්තල දැම්ම. දැන් ඔය අයට Ubuntu වල contiki install කරන හැටි පුළුවන්‍ වෙන්න ඕනෙ.

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes