Latest Entries »

Linux වලට හොද Video/Audio Converter එකක්

ලගදි දවසක මට videos ටිකක් convert කරගන්න අවශ්‍යවෙලා ලිනක්ස් වලට හොද Video converter එකක් හෙවුවා. හැබැයි ඉතින් හොයන්න දෙයක් තිබුනෙ නැහැ අන්තිමට ඒ software එක computer එකේම තියෙනව කියල දැනගත්ත. ඒකෙ නම තමයි ffmpeg. හැබැයි ඉතින් මේක command line tool එකක්. ඉතින් ඒ නිසා video එකක් convert කරන්න යද්දි manually, frame rate එක වගේ දේවල් අපට අතෙන් දෙන්න වෙනව. ඉතින් ඔය එක එක අපභ්‍රන්ස ගැන හරියට මම දන්නෙ නැති නිසා මම තව දුරටත් සොයාගෙන ගියා. හැබැයි ඒ සෙවිල්ල නම් සෑහෙන දිග එකක්. කොහොම හරි අන්තිමේදි මම හොද GUI එකක් සොයා ගත්ත. ඒකෙ නම තමයි Winff. ඉතින් ඔයාලටත් ඔනේ නම් ඒක computer එකේ install කරගන්න.


මේක install කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. මුුලින්ම terminal එක open කර ගන්න. ඊලගට පහලින් දාල තියෙන විදියට type කරල enter කරන්න. (Internet connection එක අවශ්‍යයි.)

ඔයාල පාවිච්චි කරන්නෙ Hanthana හෝ Fedora නම්
su 
type කරල root password එක දෙන්න. ඊලගට
yum install ffmpeg
yum install winff
ඔයාල පාවිච්චි කරන්නෙ Ubuntu නම්
sudo apt-get install ffmpeg
sudo apt-get install winff
මේ winff කියන software අවශ්‍ය නම් Windows වලත් වැඩ කරනව.

References
http://winff.org/html_new/

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes