Latest Entries »

c++ header files කම්පියුටරේ කොතනද තියෙන්නේ?

ඔබ c++ මෘදුකාංග නිර්මාණය කරන්නෙකු නම් ඔබ බොහෝ විට භාවිතයට ගන්නා header file (උදා. iostream,iomanip,cmath,string,cstring.....)එකක methods(functions) බැලීමට සිතී ඇති. නමුත් එය ලිනක්ස් පරිගණකයේ තිබෙන්නේ කොතනද? එය ඔබ සමහර විට නොදන්නවත් ඇති. මම මෙහිදී මෙම files තිබෙන තැන කියන්නම්. එය ඔබේ පරිගණකයේ flieSystem එක තුල usr/include/ යන පාත් එකේ include නම් ෆෝල්ඩරය තුල පිහිටා ඇත. ඔබ නවකයෙක් නම් මෙම ෆයිල් කියවීමට එතරම් පහසු නොවේ. නමුත් මෙයින් මම දන්නා iomanip හෙඩර් ෆයිල් එක ගෙන කියෙව්වෙමි. එහි setw function එක දිහා බැලූවිට එයට parameters ලෙස යෙදිය යුත්තේ integer value (නිඛිලමය අගයක්) එකක් බව දැකීමෙන් මටත් දැන් header file එකක් කියවීමට පුළුවන් බව අවබෝධ විය. ඔබත් එසේ ඔබ දන්නා header file එකක් කියවා බලන්න.ඔබටත් මෙම ෆයිල් එකක් කියවිය හැකියයි සතුටු වෙන්න.

ලිනක්ස් වල ෆොන්ට්ස් ෆෝල්ඩරයට ෆොන්ට්ස් දාන හැටි.

ලිනක්ස් වල ෆොන්ට්ස් ෆෝල්ඩරයට ෆොන්ට්ස් අතුල් කිරීම වින්ඩෝස් වලදී මෙන් සිදුනොවේ. මීට ප්‍රථම හුග දෙනෙකු නොදන්නා කරුණක් වන්නේ මෙම ෆෝල්ඩරය තිබෙන ස්ථානයයි.

එය තිබෙන්නේ

filesystem එක ඇතුලේ තියෙන usr ෆෝල්ඩරය තුල තිබෙන share ෆෝල්ඩරය තුලයි. මෙම fonts ෆෝල්ඩරයට නිකම්ම ෆොන්ට්ස් paste කළ නොහැක. ඒ සදහා terminal එකක් විවෘත්ත කරගෙන super user/ root විට යුතුය. Super user වීම සදහා සහ ෆොන්ට් එකක් ඉන්ස්ටෝල් කර ගැනීමට පහත පියවර සිදු කරන්න.

1. [MWH@dinusha ~]$ cd ..
2. [MWH@dinusha home]$ cd ..
3. [MWH@dinusha /]$ cd usr
4. [MWH@dinusha usr]$ cd share
5. [MWH@dinusha share]$ cd fonts
6. [MWH@dinusha fonts]$ mkdir myfonts
mkdir: cannot create directory `myfonts': Permission denied
7. [MWH@dinusha fonts]$ su
Password:
8. [root@dinusha fonts]# mkdir myFonts
9. [root@dinusha fonts]# cp /home/MWH/WIJEYA__.TTF ./myFonts
10. [root@dinusha fonts]# mkfontdir && mkfontscale

පළමු පියවරේ සිට පස් වෙනි පියවර තෙක් මා සිදු කර ඇත්තේ මගේ පරිගණකයේ පරිදි fonts ෆෝල්ඩරයට ඇතුල්වීමයි. ඔබත් ඔබේ පරිගණකයේ පරිදි fonts ෆෝල්ඩරයට ඇතුළු වෙන්න.

ඉන්පසු හය වෙනි පියවරේදී මම ෆොන්ට්ස් ෆෝල්ඩරය තුල තවත් ෆොල්ඩරයක් සෑදීමට ගියෙමි. නමුත් එහිදී මට ෆෝල්ඩරයක් සෑදීමට ඉඩ නොදෙයි.

මේ නිසා මම root විම සදහා su (ෆිඩොරවලදී root වීමට su ද උබුන්ටු වලදී root වීමට sudo ද type කළ යුතුයි) ටයිප් කර password:වලදී ඔබගේ root password එක ටයිප් කළ යුතුයි.

ඉන් පසු පරන විදියටම mkdir ටයිප් කර තමන්ගේ ෆොන්ට් එක දැමීමට ෆොල්ඩරයක් සාදා ගන්න (මෙහිදී මම නම් මගේ ෆෝල්ඩරය myFonts ලෙස නම් කරා.) .

ඉන් පසු නමවන පියවරේදි මා සිදුකොට ඇත්තේ මට අවෂ්යන ෆොන්ට් එක තිබෙන තැනින් fonts ෆෝල්ඩරයට මගේ අවෂ්යේ ෆොන්ට් එක කොපි කිරීමයි.

ඉන් පසු දහ වන පියවරේ මෙන් mkfontdir && mkfontscale ටයිප් කිරීමෙන් පසු ඔබේ ෆොන්ට් එක ඔබගේ ලිනක්ස් පද්ධතියේ ස්ථාපනය කර ගැනීම අවසන්වේ.

මෙහිදි ඔබ විමසාවී windows වලදී fonts දැමීමට වෙනනමම උප ෆෝල්ඩර සෑදීමට අවෂ්ය නොවේ කියා. නමුත් ඔබ එම ෆෝල්ඩරයට ගොස් බැළුවොතින් පෙනේවි එහි සියළුම ෆොන්ට්ස් තිබෙන්නේ folders තුල බව එම නිසා මමත් එම සම්ප්ර දායම අනුගමනය කරමින් මගේ ෆොන්ට් එකත් folder එකක් තුලම පිහිටුවා ගත්තෙමි.

සැමට සුභ අළුත් අවුරැද්දක්

ශ්‍රී ලංකා වාසී සැමට සාමයෙන්, සතුටෙන්, සමගියෙන් හා සමාදානයෙන් පිරුනු, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වෙවා.

ඔබ දැනට භාවිතා කරන රැම් මතකය කොපමනදැයි බලමු

මුලින්ම ටර්මිනලය(අග්‍රය) විවෘත්ත කර ගන්න ඉන්පසු එහි free -m යනුවෙන් සටහන්කරන්න.
[-b,-k,-m,-g ඔප්ෂන් මගින් bytes, KB, MB, or GB වලින් ප්‍රතිඵල දැක ගැනීමට ඔබට පුලුවන්.]

ZTE ZXDSL 852 මොඩම් එක ලිනක්ස් වල ස්ථාපනය කර ගනිමු. | Installing ZTE ZXDSL 852 Modem Driver on Linux

බොහෝ අය ලිනක්ස් වල ADSL මොඩම් එකක් ස්ථාපනය කරගැනීමට යාමේදී ගැලපෙන මෘදුකාංග සොයා ගැනීමට නොහැකි වීම නිසා අපහසුතාවයට පත්වේ. නමුත් මම ලංකාවේ බොහෝ පිරිසක් යොදාගන්නා ADSL මොඩමයක් ස්ථාපනය කරගන්නා ආකාරය පිළිබද කියවෙන වෙබ් අඩවි කිහිපයක් සොයාගත්තා.එයින් ඔබ ZTE ZXDSL 852 මොඩම් එකක් යොදා ගනී නම් ඔබගේ පැනයට පිළිතුරු විසදා ගන්න.|Many people face difficulties when finding software to use there ADSL modems on Linux. I found two good sites that explains how to install the most common ADSL modem in SriLanka.

See whether it is useful to you also.

clickhere to view the blogsite or try clickhere site.

ලංකාවේ හන්තාන ලිනක්ස් | Hanthana Linux for Lanka



හන්තාන ලිනක්ස්, ලෝකයේ පලමු සිංහල අතුරු මුහුනත සහිත මෙහෙයුම් පද්ධතියයි. ලංකාවේ දකුණු ප්‍රදේශයේ අම්බලන්ගොඩ ජීවත්වෙන ඩනිෂ්ක නවීන් විසින් මෙම ලිනක්ස් මුල කේනය සහිත මෙහෙයුම් පද්ධතිය නිපදවන ලදී. එය දොරට වැඩීම අම්බලන්ගොඩ ගා\ධර්මාශෝක විද්‍යාලයේදී පසුගිය දිනයකදී සිදුකරන ලදී. | Hanthana Linux first ever OS that has a Sinhala GUI. Made by Danishka Naveen. ලංකාවෙ අපට නම් හන්තාන ලිනක්ස්ම තමයි.

Editing Linux Boot Menu

I have learned to edit boot menu from gedit, in Linux.
It's like this, first open up terminal then type

su -c 'gedit /boot/grub/grub.conf'

After entering the root password I can edit boot menu time from changing the number on "timeout" and I can change default boot OS from changing the number on "default"(If you have a dualboot with Linux distro).


For more info click here

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes