Latest Entries »

Showing posts with label For knowledge. Show all posts
Showing posts with label For knowledge. Show all posts

හන්තාන ලිනක්ස් 15 නිකුත් වේ!



නොකඩවා පස්වන නිකුතුවත් නිකුත් කිරීමට අප හට හැකියාව ඇත්තේ අප හා බැදුණු ශක්තිමත් ප්‍රජාව බව නොරහසකි. හන්තාන 14 (ගගන) නිකුතුව මේ වන විට මෙරට පාසැල් 15කට අධික සංඛ්‍යාවක (පරිගණක 500කට වැඩි) භාවිත වන අතර ඉන් එක් පාසැලක් ප්‍රාථමික පාසැලක් වීමද සුවිශේෂී වේ. එමෙන්ම රුවන්පුර විද්‍යාපිඨයේ පරිගණක 80කින් යුත් පරිගණක විද්‍යාගාරයෙදි හන්තාන ලිනක්ස් භාවිතය සඳහා පහසුකම් මේ වන විට සලසා ඇත.
තවද හන්තාන පරිශීලක ප්‍රජාව සඳහා වූ ෆෝරමයද ඉතා සක්‍රීය ව ක්‍රියාත්මක වේ. එමෙන්ම පසු ගියදා නිකුත් කළ හන්තාන ප්‍රජා සඟරාව ද ප්‍රජාව වෙත තොරතුරු සහ දැණුම ගෙනයාමෙදි තවත් විශේෂ කාර්යයක් සිදු කරයි. තවද 2011 වසර තුළදි හන්තාන 14 නිකුතුව අඩංගු DVD තැටි 2000කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාව පුරා බෙදි ගොස් ඇති අතර ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සහ දේශණ වැඩසටහන් සඳහා එක් වූ පිරිස 1000කට වඩා වැඩි වේ. එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ විවිධ දෙපාර්තුමෙන්තු තුළ පරිගණක 25 කට ආසන්න සංඛ්‍යාවක ස්ථාපිත කළ අතර කණ්ඩායම් 5කට මේ වන විට ප්‍රායෝගික පුහුණු වැඩසටහන් නිමකර ඇත. තවද ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදි තොරතුරු තාක්‍ෂණ අංශයේ සේවයේ නියැලෙන විවිධ නිළයන් වලට අයත් 35 දෙනෙක් තෙදින පුහුණු වැඩසටහනට එක් වුයේ හන්තාන ලිනක්ස් පදනම් කරගෙන සාමාන්‍ය කටයුතු සහ මෘදුකාංග සංවර්ධණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම ලබා ගැනීමටයි.

පරණ Ubuntu Install කිරීම නවතමු.

අප සෑම විටම උබන්ටු ස්ථාපනය කරන්නේ අන්තර්ජාලයෙන් ලබාගත් iso එකක් මගිනි. නමුත් සෑම විටම එසේ ලැබෙන්නේ අළුත්ම update සහිත Ubuntu නොවේ.

නමුදු ඔබට වේගවත් අන්තර්ජාල සබදතාවක් ඇත්නම "Installation Minimal CD" මගින් ඔබ පරිගණකයට උබන්ටු ස්ථාපනය කරගන්නා විටම නවතම updates ටික ලබාගන්නට පුළුවන්. තවත් වාසියක් නම් එකම Installation Minimal CD එක යොදාගෙන විවිධ වූ උබන්ටු සංස්කරන පරිගණකයේ ස්ථාපනය කරගත හැකි වීමයි.

ඉතින් Ubuntu Minimal CD එක download කර ගන්න මේ සම්බන්දකය හරහා යන්න. එම iso එක 20MB තරම් කුඩා අගයක් ගනියි.

ලිනක්ස් install කලාට පස්සෙ windows default OS එක විදියට තියාගන්නෙ ‍කොහොමද?


බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක්. නමුත් පිළිතුර නම් හරිම සරලයි. ඔබේ gnome desktop එකේ System->Administration->Bootloader තෝරන්න. ඊට පස්සේ එන වින්ඩෝවෙදි ඔබේ root password එක ලබා දෙන්න.


ඉන්පසුව ලැබෙන Boot Configuration කියන වින්ඩෝවෙ Please select the default boot entry for the system යටතේ එන other කියන එක තෝරල අවශ්‍ය නම් bootloader එක විවෘත්ත වෙලා තියෙන්න අවශ්‍ය කාලයත් සකස් කරල OK බොත්තම ඔබන්න.

ලිනක්ස් වල හයිබනේට්

ඇත්තටම වින්ඩෝස්ව වලදී එන hibernate කතන්දරය ගැන ඔබ අසා ඇතුවාට කිසිම සැකයක් නැත. සාමාන්‍යයෙන් අප නම් බොහෝ දුරට hibernate භාවිතා කරන්නේ අප පරිගණකයට ඉක්මනින් login වී අපගේ වැඩ කටයුතු පහසු කර ගැනීමටය. විශේෂයෙන් තම පරිගණකය hibernate කිරීම මගින් එය shutdown කළ පසු ඉක්මනින්ම login වීමට අවස්ථාව සැලසේ. වින්ඩෝස් වලදී නම් hibernate පහසු කම සකස් කර ගැනීමට විශේෂයෙන් settings සකස් කළ යුතුයි. නමුත් ලිනක්ස් වලදී නම් එසේ අවශ්‍ය නැත. මෙය සිදු කර ගැනීමද හරිම පහසුය. ඔබ සාමාණ්‍යයෙන් gnome desktop එකෙන් තම පරිගණකය shutdown කරන්නේ system->shutdown හරහාය. මෙසේ shutdown මත click කළ විට ලැබෙන dialog box එකේ hibernate බොත්තම එබීමෙන් ඔබටත් ඔබේ ලිනක්ස් පද්ධතිය hibernate කර ගත හැකිය.


dual boot වීමට සකස් කරගෙන ඇති වින්ඩෝස් පරිගණකයේදී නම් hibernate පහසු කම ලබා ගැනීමට නොහැක. නමුත් ලිනක්ස් වලදී ඔබේ පරිගණකය dual boot වීමට සකස් කරගෙන තිබුනා වුවත් hibernate කිරීම තුලින් ප්‍රශ්නයක් ඇති නොවීම මෙහි ඇති වාසියකි.

හන්තාන ලිනක්ස් පිළිබද ඇතුලත තොරතුරු නිර්මාපකයාගේ ඇසින්

හන්තාන ලිනක්ස් යනු ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතිය මත ගොඩ නැගූ සමීශ්‍රණ මෙහෙයුම් පද්ධතියකි.
එනම් මෙහිදි ෆෙඩෝරා රෙපොසිටරි  සහ වෙනත් බාහිර රෙපොසිටරි හරහා පැකේජ ලබා ගනි.

එලෙසින් අදාල නිකුතුව සඳහා අවශ්‍ය මූලික පැකේජ මෙන්ම යාවත් කිරීම්ද නිසි තත්ත්ව පරීක්‍ෂණයන් හරහා ඔබවෙත ලැබේ.

නිදහස් සහ විවෘත මෘදුකාංග වල කේතය ලබා ගත හැකි නිසා අවශ්‍ය කෙනෙක්ට එම කේතය හානිකර ලෙස සකසා යළි ඇසුරුම් කර (re-packaging)

අන්තර්ජාලයට මුදා හැරීමට අවකාශ ඇත. නමුත් ෆෙඩෝරා හරහා එන යාවත් කිරීම් එම ව්‍යාපෘතියේ තත්ත්ව පරීක්‍ෂණ ඉංජිනේරුවන් හරහා
ඔබට ලැබේ.

Red Hat හෝ Suse  වැනි පද්ධතියකට අදාල සමාගම් සමඟ සහායක ගිවිසුම් අත්සන් කර අවස්තාවක හැර, අනෙක් ඕනෑම අවස්තාවකදි
වෙනත් බාහිර පැකේජ ස්ථාපනයට ඔබට අවසර ඇත. ඒ ඔබේ නිදහසක්. නමුත් එවැනි කටයුත්තක් නිසා ඔබේ පද්ධතියේ ඇති වන ඕනෑම
අකර්මන්‍යතාවයක් සඳහා ඔබ අවදානම ලබා ගැනීමට සූදානම්ව එසෙ කළ යුතුයි.

එවැනි ක්‍රියාවකින් පසුව පද්ධතියේ සමහර මෘදුකාංග වල නිසි ක්‍රියාකාරිත්වයක් නොමැති වීම, පද්ධතියේ ආරක්‍ෂාව අවදානම් සහිත වීම, හෝ
වෙනත් හානියක් සිදු වුවහොත් පද්ධතිය මුලින්ම ස්තාපනය කළ පුද්ගලයාටවත් අදාල මෘදුකාංගවල නිර්මාපකයින්ටවත් දොස් පැවරිය නොහැක.

ඔබ හන්තාන ලිනක්ස් හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියක් සඳහා යාවත් කිරීම් ලබා ගන්නා විට ඒ සමඟ එන මෘදුකාංග එකිනෙක ගැලෙපීම් කර ඇත.

විශේෂයෙන්ම වෙළුම් අංක (version numbers). තෙවැනි පාර්ශවික යෙදුම් මඟින් පැරණි නිකුතුවන් සඳහා අදාල මොඩියුලයන් ලැබිය හැක.
ඔබ හන්තාන ලිනක්ස් 14 (14.1, 14.5, 15.6,.. ඔනම එකක්) භාවිත කරයි නම් ෆෙඩොරා 14 සඳහා අදාල උපදෙස් භාවිත කළ හැකියි.
උදා:  abc මෘදුකාංග හන්තාන 14.5 සඳහා ස්තාපනයට උපදෙස් අවශ්‍ය නම්.
 ගුගල් මත සෙවිමේදි Fedora 14 සහ  abc යන සෙවුම් වදන් භාවිත කරන්න.

තවද මෘදුකංගයක් ගැන විමසිමේදි හෝ අදහස් දැක්විමෙදි එම මෘදුකාංගයේ නිකුතුව කුමක්ද, මොන මෙහෙයුම් පද්ධතිය තුළද , වගේ තොරතුරු

දැන් වීමට කාරුණික වන්න.

හන්තාන මත දැනට නොමැති එනමුත් ඉදිරියේදි එක්විය යුතු යැයි හැගෙන මෘදුකාංග ඇත්නම් ඒබව දන්වන්න. අදාල මෘදුකාංගයේ නම, එම මෘදුකාංගයේ අවශ්‍ය තාවය,
අදාල මෘදුකාංගය නිමැවෙන ව්‍යාපෘතියේ වෙබ් අඩිවය වැනි තොරතුරු ලබා දෙන්න. එසේම එලෙස අත්‍යාවශ්‍ය මෘදුකාංගයක් හන්තාන මත ස්තාපනය කරන අයුරු මෙම සමූහයට දැන්වීම මඟින් අනෙක් අයටත් වැදගත් විය හැක.

ස්තුතියි,
--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://identi.ca/danishka

-- 
Subscribe to Hanthana User Group.
To post to this group, send email to hanthana-community@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en

~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana

හන්තාන ලිනක්ස් පරිගණකයේ ස්තාපනය කරගන්නා අයුරු විඩියෝ දර්ශන මගින්

හන්තාන ඉංග්‍රීසි අතුරු මුහුනත ඇති විට පරිගණකයේ ස්ථාපනය කරන ආකාරය.



හන්තාන සිංහල අතුරු මුහුනත ඇති විට පරිගණකයේ ස්ථාපනය කරන ආකාරය.



මෙම වීඩියෝ දර්ශන නිර්මාණය කර සැමගේ ප්‍රයෝජනය සදහා youtube අඩවියට එකතු කළ මලින්ද ලක්නාත් සහෝදරයාට මගේ ස්තූතිය.

ලිනක්ස් වලදි නෙට්වර්ක් port එකට IP Address එකක් ලබා දෙමු


සාමාන්‍යයෙන් Windows වලදි තමන්ගෙ Network Card එකේ තියෙන Ethernet Port එකට IP Address එකක් ලබා දෙන විදිහ හුගක් අය දන්නව. ඒ වුනාට ලිනක්ස් භාවිතා කරන සමහර අය එහෙම IP Address එක ලබා දෙන්නෙ කොහොමද කියල දන්නෙ නැහැ. මොකද ලිනක්ස් කියන්නෙ බොහෝ දෙනා භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක් නොවන නිසා. කොහොමින් කොහොම හරි ලිනක්ස් කම්පියුටර් එකක ඉදන් තමන්ගෙ Ethernet Port (සරලව කිව්වොත් RJ-45 ජැක් එක සම්බන්ද කරන තැනට) එකට IP Address එකක් ලබා දෙන එක හරිම පහසුයි. ඒක කරන්න ඔබ Gnome desktop එක භාවිතා කරනව නම් System->Administration->Network හරහා ගොස් තමන්ගේ root password එක ලබා දුන්නාට පසු විවෘත්ත වන dialog-box එකේ eth0 කියන නම මත double click කරන්න.
 

එවිට විවෘත්ත වන Ethernet Device කියන Dialog-box එකේ Statically Set IP Address කියන තැනට තමන්ගේ IP Address එකයි Subnet Mask එකයි දීල ඔබේ machine එක restart කරගත්තහම ඔබටත් වැඩේ සරලව කරගන්න පුළුවන්.
 
පස්සෙ ඉතින් ඔබේ කම්පියුටරේ ඉදන් වෙනිං කම්පියුටර් එකකට data send කරන්න terminal එක open කරල data packets ටිකක් ping කරල බලන්න. හැබැයි මෙතනදි වැදගත් කාරනාවක් වෙන්නෙ ලිනක්ස් වලදි terminal එකෙන් data ping කරන කොට ඒක නවතින්නෙ නැතුව දිගටම යනව. වින්ඩෝස් වලදි නම් එහෙම නැහැ තමා. ඒක නවත්ත ගන්න එක cntl+c ඔබල කරගන්න. වින්ඩෝස් වලදි Network Address එක එහෙම බලාගන්න command prompt එකේ ipconfig ටයිප් කරල වගේ ලිනක්ස් වල තියෙන්නෙ ifconfig කියන විදානයයි.

Server කියන්නෙ මොහොකටද?


බොහෝ දෙනා අසා ඇති එහෙත් බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට අපහසු වචනයක් වන්නේ පරිගණක server යන වචනයේ අර්තයයි. අන්තර්ජාලය භාවිතා කරන බොහෝ අය මෙම වචනය අසා ඇතුවාට කිසිදු සැකයක් නැත.

ඇත්තටම මොකක්ද මේ සර්වර්?

සර්වර් යන්න පැහැදිලි කර ගැනීමට එතරම් අපහසු නැත. කිමද මෙම ඉංග්‍රීසි වචනයේ අර්තයෙන්ම එහි තේරුම ගත හැකි බැවිනි.

සර්වරයක් යනු සරළ ලෙස ගත්තොත් පරිගණකයකි. ඔව් එය පරිගණකයකි. උදාහරණයක් ලෙසට දැනට මේ ලිපිය කියවන ඔබේ පරිගණකයටද සර්වරයක් බවට පත් විය හැක.

දැන් server යන ඉංග්‍රීසි වචනයේ අර්තය ගනිමු.

server යන පදයේ අර්තය කොටින්ම කිව්වොත් “ලබාදෙන්නා” යන්නයි.

“පරිගණක සර්වරයක්” යනු යම්කිසි පරිගණකයක්, එම පරිගණකය, තුළ ඇති සේවාවක් වෙනත් පරිගණකයකට ලබාදෙන උපකරණයකි.

මා මෙහි විශේෂයෙන් උපකරණයක් ලෙස සදහන් කර ඇතත්, ඇත්ත වශයෙන්ම ගත හොත් මෙම “උපකරණය” යනු තවත් එක් සාමාන්‍ය පරිගණකයකි.

මෙය ඔබ එදිනෙදා ජීවිතයේදී යොදාගන්නා පරිගණකය විය හැක. දැනට පවතින තාකෂණයේ දියුණුව සමග සලකා බලද්දී අතේ ගෙන යන ඔබේ ජංගම දුරකතනයටද සර්වරයක් බවට පත්කළ හැක.

උදාහරණයක් මගින් තවදුරටත් සර්වර් යන්නෙහි අර්තය පැහැදිලි කරගන්න. මා මෙය හදුන්වන්නේ රජයේ සේවක උදාහරණය යනුවෙනුයි.

ඔබ සැවොම රජයේ සේවක යන්නෙහි අර්තය දනී. එනම් පොදු මහජනතාවට සේවය කිරීමට බැදී සිටින තැනැත්තා අප හදුන්වන්නේ රජයේ සේවකයා යනුවෙනුයි. එනම්,
මිනිසුන්ට යම් සේවයක් ලබා දීමට සැදීපැහැදී සිටිනා තවත් එවැනිම මිනිහෙක්
පරිගණක සර්වරයත් එසේමයි.

යම් පරිගණකයකට මුද්‍රණ යන්ත්‍රයක් සම්බන්දව ඇතැයි සිතන්න. පරිගණකයෙන් මුද්‍රණ කටයුතු කර දීම එම පරිගණකයෙන් කරන සේවාවකි. ඔබ නිවසේ තවත් පර්ගණක කිහිපයක් ඇතැයි සිතන්න ඔබ එවා ජාල ගත කර ඇත. එහි එක් පරිගණකයකට මම පෙර කීවාසේ මුද්‍රණ යන්ත්‍රය සවිකර ඇත. ඔබ වෙනත් පරිගණක වලට එම මුද්‍රණ යන්ත්‍රය පාවිච්චි කරන්නට ඉඩ ලබා දී ඇතැයි සිතන්න.

සරලව ගතහොත් ඔබ එම මුද්‍රණ යන්ත්‍රය සියළු පරිගණක සදහා හවුලේ (share කර) තබා ඇත. එසේනම් ඔබ වෙනත් පරිගණකයක සිට ලිපිය මුද්‍රණය කරීමට, ඔබ සිදු කරන්නේ, ඔබ වැඩ කරනා පරිගණකයේ සිට එම හවුලේ තබා ගත් මුද්‍රණ යන්ත්‍රය තෝරා එමගින් පිටපත මුද්‍රණය කරවා ගැනීමය.

දැන් අප මෙම මුද්‍රණ යන්ත්‍රය සම්බන්ද කොට තැබූ පරිගණකය සලකමු. එම පරිගණකය මගින් වෙනත් පරිගණකයකට මුද්‍රණ කටයුතු කරදීමේ සේවාව පවත්වාගෙන යයි. එයට සර්වරයක් යයි කියනු ලැබේ.

දැන් ඔබේ නිවසේ අන්තර්ජාලයට සම්බන්ද පරිගණකයක් ඇතැයි සිතන්න. ඔබ අන්තර්ජාල පහසු කම එම පරිගණකය හරහා වෙනත් පරිගණකයකට ලබා දීමට අදහස් කර ඇතයි සිතන්න. එසේ නම් එම අන්තර්ජාලයට සම්බන්ද පරිගණකයද සර්වරයක් බවට පත්වී ඇත. එනම් අන්තර්ජාලය වෙනත් පරිගණක වලට ලබාදීමේ සේවාව එම පරිගණකයෙන් සිදුවන නිසාය.

ඔබ දැන් මේ කියවන ලිපිය ලබාදෙන්නේද සර්වර් පරිගණකයකිනි. එනම් එම පරිගණකයෙන් සිදුකරන්නේ ඔබ වෙබ් බ්‍රව්සරයක් හරහා ඉල්ලූ වෙබ් පිටුව ඔබ වෙත ලබාදීමයි. මෙවැනි පරිගණකයකට විශේෂයෙන් web server එකක් යයි කියයි.

එසේ නම් දැන් ඔබට සර්වරයක් යනු කුමක්දැයි සරලව පැහැදිලි වුවා කියා සිතමි.

64-bit ද? 32-bit ද?

ඇත්තටම මේ අංක දෙක පරිගණක වල processor architecture (සැකැස්ම) එකට සම්බන්ධ වූවකි. දැන් වෙලද පොලට එන , අළුත්, නමුත් සියට අනූ නවයක්ම processor වර්ග මෙම 64-bit සැකැස්ම අනුව සකස් කළ ප්‍රොසෙසර වේ (උදා:-intel CoretoDuo, intel ix, AMD AthlonX2). 64-bitට අමතරව පෙර තිබු processor architecture වර්ග කිහිපයක් නම් 32-bit(x86),16-bit , 8-bitවේ.



තවමත් පරිගණක වැඩ සටහන් පාවිච්චි කිරීමේදී බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නේ එම වැඩ සටහන එම ප්‍රෙසෙසරයේ architecture එකට අනුව සකස් කර තිබිය යුතුය යන්නයි. නැතිනම් එම වැඩ සටහන එම පරිගනකයේ ක්‍රියාත්මක නොවේ. එහෙත් ඔබට 64-bit සැකැස්මට අනුව සකස් කළ processor එකක් සහිත පරිගණකයට ඊට පහල සැකැස්මකට අනුව සකස් කළ මෘදුකාංග වර්ග ස්ථාපනය කර ගත හැක.


මෙම 64-bit සැකැස්ම ඇති processor වර්ග වල ඇති ප්‍රධානම අංගය වන්නෙ පරිගණකය තුලින් යම් කසි කාර්යයක් සිදු කර ගෑනීමට ගතවන කාලය අවම වීමයි. මේ නිසා 64-bit සැකැස්ම අනුව නිර්මානය කළ මෘදුකාංග වර්ග දැන් මෙහෙයුම් පද්ධතිවර්ග වල සිට සරල පිටු සැකසුම් මෘදුකාංග දක්වා ඇත. නමුත් ඔබට 32-bit architecture එකට අනුව සකස් කළ processor වර්ග ඇති පරිගණකයකට 64-bit architecture එකට සකස් කළ මාදුකාංග වර්ග ස්ථාපනය කිරීම කළ නොහැක.

64-bit මාදුකාංග ආරකෂාව අතින්ද ඉහලය. 32-bit මෙහෙයුම් පද්ධතියකට වඩා 64-bit මෙහෙයුම් පද්ධතියකට වෛරස මගින් එල්ලවන තර්ජන බොහෝ අඩුය. කිමද බොහෝ වෛරස් වර්ග නිපදවා තිබෙන්නේ 32-bit මෙහෙයුම් පද්ධතිවල සිට බැවිනි.


ඔබත් ඔබේ processor එක 64-bit සැකැස්ම අනුව සැකසූවක් නම් එයට අනුව සකස් කළ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ගන්න.


ඊට අමතරව සදහන් කළ යුතු වන්නේ ඔබේ පරිගණකයට 4GB තරම් වත් ram මතකයක් තිබේ නම් එය 64-bit වලින් වැඩකරන මෘදුකාංග සදහා යෝග්‍ය බවයි. නමුත් මෙය අවශ්‍යමත් නැත.

වින්ඩෝස් වලින් C++ වැඩසටහන් ලිවීමට ඇත්තේ විෂුවල් C++ විතරමද?

කොටින්ම කිව්වොත් මෙම ප්‍රශ්ණයට නිවැරදි පිළිතුර විය යුත්තේ “නැත” යන්නයි. එසේ නම් විෂුවල් C++ වැනි වින්ඩෝස් වලට හරියන වෙනත් වැඩසටහන් මොනවාද? මෙයට දිය හැකි කෙටිම පිළිතුර නම් NetBeans වැඩසටහන යි. ඔබ පරිගණක ක්‍රමලේඛන ශිල්පියෙක් නම් ඉබේම මෙය විය නොහැක්කක් යයි සිතේ වි. එසේ සිතීමට සාධාරණ හේතුවක් තිබේ. එනම් NetBeans යනු ප්‍රධාන වශයෙන් Java ක්‍රමලේඛ භාෂාව යොදාගෙන වැඩසටහන් ලිවීම පහසු කරවන IDE එකක් නිසයි. නමුත් NetBeans 6.5 හි සිට C++ මෘදුකාංග නිර්මාණය කිරීමටත් NetBeans පහසුකම් සපයයි.
ඔබ දැනටමත් නවීන Linux මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නේ නම් කළ යුත්තේ C++ සහිතව NetBeans IDE එක තම පරිගණකයට ස්ථාපනය කර ගැනීම පමණි.



ඉන්පසු කළ යුත්තේ සුපුරුදු පරිදි File මෙනුවෙන් New Project තෝරා එහි Categories යටතේ ඇති C/C++ සලකුණු කර, Projects යටතේ ඇති C/C++ Application තෝරා , Next button එක සලකුණු කර, ඉන් පසුව ලැබෙන dialogue box එකේ දී තමන්ගේ Project එකට නමක් දී C++ programs ලිවීම අරම්භ කිරීමයි.



( මා විසින් ඉහතින් සදහන් කළ තොරතුරු වින්ඩෝස් වල දීද NetBeans මගින් C++ Application එකක් සකස් කිරීමේදී වලංගු වේ. )

දැන් ඔබ බලන්න ඇති වින්ඩෝස් වලින් මේක කරන්නෙ කොහොමද කියල. පුරුදු විදියටම NetBeans, C++ , සමගින් වින්ඩෝස් වල ස්ථාපනය කරගන්න. නමුත් මෙහිදී Linux වල පරිදි එක සැරේටම C++ වලින් programs ලිවීම ආරම්භ කළ නොහැක. එසේ කළ නොහැක්කේ වින්ඩෝස් තුලදී ඔබ ලියූ C++ ක්‍රමලේඛ compile කිරීමට compiler එකක් නොමැති වීම නිසයි. එහෙනම් අපට Windows වලට අමුතුවෙන් ම පරිගණකයේ C++ programs compile කිරීමට compiler එකක් ස්ථාපනය කර ගත යුතුය. එයත් හරිම පහසු කාර්‍යයකි. වින්ඩෝස් සදහා GNU වර්ගයේ compilers බොහොමයක් අන්තර්ජාලය ඔස්සේ භාගත කරගෙන ස්ථාපනය කර ගත හැක. Linux වලදී නම් අපට අමුතුවෙන් compiler එකක් ස්ථාපනය කර ගැනීමට අවශ්‍ය නොවේ. ඒ Linux මෙහෙයුම් පද්ධතිය තුලම compiler එකක් built in එන නිසයි.
වින්ඩෝස් තුලදී C++ වැඩසටහන් compile කිරීමට ප්‍රසිද්ධ ම compilers වර්ග දෙකක් වන්නේ cygwin හා MinGW ය. (ඔබට අවශ්‍ය නම් මෙම නම් දෙක මත click කර ඔබටත් මෙම compilers දෙකෙන් එකක් භාගත කරගෙන ස්ථාපනය කරගන්න.) මම මගේ වින්ඩෝස් පරිගණකයේ භාවිතා කරන්නේ cygwin compiler එක යි . එම නිසා ඔබද මෙයම භාවිතා කරන්න. MinGW යම් හෙයකින් හාවිතා කිරීමට අවශ්‍ය නම් ඔබට තවත් අමුතුවෙන් MSYS නැමති shell (Linux වල එන terminal එක වැනි එකක්, Windows වල දී නම් command prompt එක වගේ එකක්) එකත් භාගත කරගෙන ස්ථාපනය කිරීමට ඔබට සිදුවේවි.
ඉන්පසු තිබෙන්නේ ටිකක් පරෙස්සමෙන් කළ යුතු කාර්‍යයකි. එනම් තමන්ගේ පරිගණකයේ ඔබ භාගත කරගත් compiler එකට අදාල path variable එක set කර ගැනීමයි. සාමාන්‍යයෙන් ඔබ compiler එක භාගත වී ස්ථාපනය වන්නේ ඔබේ පරිගණකයේ වින්ඩෝස් ස්ථාපනය කර ඇති partition එකේ cygwin නම් folder එක තුල යි.
දැන් ඔබ පරිගණකයේ My Computer රයිට් ක්ලික් කර එහි වම් පස කොනේ ඇති Advanced System Settings මත ක්ලික් කරන්න.

එහිදී විවෘත වන System Properties , dialogue box, එකේ ඇති Advanced ,tab, එක තෝරා එහි ඇති Environment Variables නම් බොත්තම ක්ලික් කරන්න.

එහිදී විවෘත වන Environment Variables ,dialogue box, එකෙහි ඇති System variables තුල path යන්න double click කර Edit System variable, dialogue box, එක ලබා ගන්න.

එය තුල ඇති variable values යටතේ ඔබේ cygwin ෆෝල්ඩරය තුල තිබෙන bin ෆෝල්ඩරයට අදාල location එක (semicolon( ; ) ලකුණක් යෙදීමෙන් පසු) path එක ලෙස ලබාදෙන්න.





මෙහිදී වෙනත් කිසිදු වෙනස් කිරීමක් සිදු නොකිරීමට වග බලා ගන්න.

*****නැවත වාරයක් සදහන් කරන්නේ bin ෆෝල්ඩරයේ location එක ලිවීමට පෙර ඊට කලින් පරිගණකයේ ඇති path variable එක semicolon ( ; ) ලකුණකින් වෙන් කිරීමට අමතක නොකරන ලෙසයි.*****

(Windows NT සදහා path variable එක set කිරීමට, Start/Settings/Control Panel/System/Environment හරහා යන්න.)

අවසානයේ ඔබ NetBeans වලින් C++ ක්‍රමලේඛ ලිවීමට සියළු සුදුසුකම් සපුරා ඇත. දැන් ඔබ සරල C++ වැඩසටහනක් ලියා play බොත්තම ඔබා program එක run කර බලන්න.
Visual C++ මිලදී ගන්නවාට වඩා නිකම් දෙන NetBeans IDE එකෙන් C++ මෘදුකාංග ඔබත් නිර්මාණය කරන්න.
NetBeans IDE එක support කරන්නේ Java හා C++ පමණක් නොවේ. Ruby භාෂාවෙන් ලියන මෘදුකාංග නිර්මාණය සදහාද මෙම IDE එක යොදාගත හැක. Path variable set කිරීමේදී වැඩි දුර විස්තර සදහා NetBeans වෙබ් අඩවියෙන් ලබා දෙන help එක යොදාගන්න.
වරක් compiler එකක් භාගත කරගත් පසු නැවත වරක් එය භාගත කර ගැනීමට අවශ්‍ය නොවේ. ඔබ කළ යුත්තේ එම compiler එක සහිත cygwin ෆෝල්ඩරය copy කරගෙන, ඔබට අවශ්‍ය partition එකක paste කර එහි ඇති bin ෆෝල්ඩරයට අදාලව path variable එකset කිරීම ( මා ඉහත රූප වලින් පෙන්වා දුන් පරිදි ) පමණි. ඔබ යම් දිනක ඔබේ පරිගණකය format කරන්නේ නම් එය සිදු කිරීමට පෙර ඔබේ පරිගණකයේ ඇති cygwin ෆෝල්ඩරය කොපි කර ගැනීම නුවණට හුරුය. මොකද පසුවට එය අවශ්‍යය විය හැකි බැවිනි.

c++ header files කම්පියුටරේ කොතනද තියෙන්නේ?

ඔබ c++ මෘදුකාංග නිර්මාණය කරන්නෙකු නම් ඔබ බොහෝ විට භාවිතයට ගන්නා header file (උදා. iostream,iomanip,cmath,string,cstring.....)එකක methods(functions) බැලීමට සිතී ඇති. නමුත් එය ලිනක්ස් පරිගණකයේ තිබෙන්නේ කොතනද? එය ඔබ සමහර විට නොදන්නවත් ඇති. මම මෙහිදී මෙම files තිබෙන තැන කියන්නම්. එය ඔබේ පරිගණකයේ flieSystem එක තුල usr/include/ යන පාත් එකේ include නම් ෆෝල්ඩරය තුල පිහිටා ඇත. ඔබ නවකයෙක් නම් මෙම ෆයිල් කියවීමට එතරම් පහසු නොවේ. නමුත් මෙයින් මම දන්නා iomanip හෙඩර් ෆයිල් එක ගෙන කියෙව්වෙමි. එහි setw function එක දිහා බැලූවිට එයට parameters ලෙස යෙදිය යුත්තේ integer value (නිඛිලමය අගයක්) එකක් බව දැකීමෙන් මටත් දැන් header file එකක් කියවීමට පුළුවන් බව අවබෝධ විය. ඔබත් එසේ ඔබ දන්නා header file එකක් කියවා බලන්න.ඔබටත් මෙම ෆයිල් එකක් කියවිය හැකියයි සතුටු වෙන්න.

ලිනක්ස් වල ෆොන්ට්ස් ෆෝල්ඩරයට ෆොන්ට්ස් දාන හැටි.

ලිනක්ස් වල ෆොන්ට්ස් ෆෝල්ඩරයට ෆොන්ට්ස් අතුල් කිරීම වින්ඩෝස් වලදී මෙන් සිදුනොවේ. මීට ප්‍රථම හුග දෙනෙකු නොදන්නා කරුණක් වන්නේ මෙම ෆෝල්ඩරය තිබෙන ස්ථානයයි.

එය තිබෙන්නේ

filesystem එක ඇතුලේ තියෙන usr ෆෝල්ඩරය තුල තිබෙන share ෆෝල්ඩරය තුලයි. මෙම fonts ෆෝල්ඩරයට නිකම්ම ෆොන්ට්ස් paste කළ නොහැක. ඒ සදහා terminal එකක් විවෘත්ත කරගෙන super user/ root විට යුතුය. Super user වීම සදහා සහ ෆොන්ට් එකක් ඉන්ස්ටෝල් කර ගැනීමට පහත පියවර සිදු කරන්න.

1. [MWH@dinusha ~]$ cd ..
2. [MWH@dinusha home]$ cd ..
3. [MWH@dinusha /]$ cd usr
4. [MWH@dinusha usr]$ cd share
5. [MWH@dinusha share]$ cd fonts
6. [MWH@dinusha fonts]$ mkdir myfonts
mkdir: cannot create directory `myfonts': Permission denied
7. [MWH@dinusha fonts]$ su
Password:
8. [root@dinusha fonts]# mkdir myFonts
9. [root@dinusha fonts]# cp /home/MWH/WIJEYA__.TTF ./myFonts
10. [root@dinusha fonts]# mkfontdir && mkfontscale

පළමු පියවරේ සිට පස් වෙනි පියවර තෙක් මා සිදු කර ඇත්තේ මගේ පරිගණකයේ පරිදි fonts ෆෝල්ඩරයට ඇතුල්වීමයි. ඔබත් ඔබේ පරිගණකයේ පරිදි fonts ෆෝල්ඩරයට ඇතුළු වෙන්න.

ඉන්පසු හය වෙනි පියවරේදී මම ෆොන්ට්ස් ෆෝල්ඩරය තුල තවත් ෆොල්ඩරයක් සෑදීමට ගියෙමි. නමුත් එහිදී මට ෆෝල්ඩරයක් සෑදීමට ඉඩ නොදෙයි.

මේ නිසා මම root විම සදහා su (ෆිඩොරවලදී root වීමට su ද උබුන්ටු වලදී root වීමට sudo ද type කළ යුතුයි) ටයිප් කර password:වලදී ඔබගේ root password එක ටයිප් කළ යුතුයි.

ඉන් පසු පරන විදියටම mkdir ටයිප් කර තමන්ගේ ෆොන්ට් එක දැමීමට ෆොල්ඩරයක් සාදා ගන්න (මෙහිදී මම නම් මගේ ෆෝල්ඩරය myFonts ලෙස නම් කරා.) .

ඉන් පසු නමවන පියවරේදි මා සිදුකොට ඇත්තේ මට අවෂ්යන ෆොන්ට් එක තිබෙන තැනින් fonts ෆෝල්ඩරයට මගේ අවෂ්යේ ෆොන්ට් එක කොපි කිරීමයි.

ඉන් පසු දහ වන පියවරේ මෙන් mkfontdir && mkfontscale ටයිප් කිරීමෙන් පසු ඔබේ ෆොන්ට් එක ඔබගේ ලිනක්ස් පද්ධතියේ ස්ථාපනය කර ගැනීම අවසන්වේ.

මෙහිදි ඔබ විමසාවී windows වලදී fonts දැමීමට වෙනනමම උප ෆෝල්ඩර සෑදීමට අවෂ්ය නොවේ කියා. නමුත් ඔබ එම ෆෝල්ඩරයට ගොස් බැළුවොතින් පෙනේවි එහි සියළුම ෆොන්ට්ස් තිබෙන්නේ folders තුල බව එම නිසා මමත් එම සම්ප්ර දායම අනුගමනය කරමින් මගේ ෆොන්ට් එකත් folder එකක් තුලම පිහිටුවා ගත්තෙමි.

ලංකාවේ හන්තාන ලිනක්ස් | Hanthana Linux for Lanka



හන්තාන ලිනක්ස්, ලෝකයේ පලමු සිංහල අතුරු මුහුනත සහිත මෙහෙයුම් පද්ධතියයි. ලංකාවේ දකුණු ප්‍රදේශයේ අම්බලන්ගොඩ ජීවත්වෙන ඩනිෂ්ක නවීන් විසින් මෙම ලිනක්ස් මුල කේනය සහිත මෙහෙයුම් පද්ධතිය නිපදවන ලදී. එය දොරට වැඩීම අම්බලන්ගොඩ ගා\ධර්මාශෝක විද්‍යාලයේදී පසුගිය දිනයකදී සිදුකරන ලදී. | Hanthana Linux first ever OS that has a Sinhala GUI. Made by Danishka Naveen. ලංකාවෙ අපට නම් හන්තාන ලිනක්ස්ම තමයි.

Editing Linux Boot Menu

I have learned to edit boot menu from gedit, in Linux.
It's like this, first open up terminal then type

su -c 'gedit /boot/grub/grub.conf'

After entering the root password I can edit boot menu time from changing the number on "timeout" and I can change default boot OS from changing the number on "default"(If you have a dualboot with Linux distro).


For more info click here

සිංහලෙන් ලිනක්ස් වල ලියමු | Lets type Sinhala on Linux.

මුලින්ම සිංහල කීබෝඩ් එකක් ඉන්ස්ටෝල් කර ගත යුතුයි.

ඒ සදහා
1.terminal එක විවෘත්ත කර ගන්න.
2.ඔබ Fedora 10 හෝ ඊට ඉහල සංස්කරනයක් යොදා ගනී නම්
$ ලකුනෙන් පසුව
su - ටයිප් කරන්න. මෙම විධානයෙන් ෆිඩොරා වල root account එකට යයි.

3.ඉන්පසු yum groupinstall sinhala-support ටයිප් කරන්න.
4.ඉන්පසු රෑට් එකවුන්ට් එකෙන් ඔයාගේ නමින් තිබෙන එකවුන්ට් එකට මාරුවී im-chooser ලෙස ටයිප් කරන්න.
5. ඉන්පසු විවෘත්ත වන ඩයලොග් බොක්ස් එකෙන් input method preferences ක්ලික් කර IMEngine එක තෝරා තමන්ට අවෂ්‍ය භාෂාවන් තෝරා OK කරන්න.
6. පැනල් එකේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ මෙන් කීබෝඩ් එකක් දර්ශනය වෙන බව ඔබට පෙනෙනු ඇත.
7.ඉන් Sinhala>Wijesekara හෝ කැමති පරිදි කීබොඩ් එකක් තේරිමෙන් පසු සිංහලෙන් ටයිප් කිරීම ආරම්භ කළ හැක.

/*yum groupinstall sinhala-support සිදු කරනවිට ඉන්ටනෙට් එකට සම්බන්ද වී සිටිය යුතුයි.*/

For Fedora 10 (Cambridge) and Above (may work on older versions)

1.As root/superuser run:

2.to enter as root in Fedora open terminal and
$su -
Enter your root password. Then you must connect to the internet. then,
$yum groupinstall sinhala-support

3.From your user account (i.e. not root), select and configure the Input Method by running:
$im-chooser

For Ubuntu 8.10 (Intrepid) and Above (may work on older versions)
1.The Universe repository should already be enabled (https://wiki.ubuntu.com/AlwaysEnableUniverseMultiverse). If not, first enable the Universe repository.
2.As root/superuser run:
apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib language-pack-si-base
3.From your user account (i.e. not root) run:
rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s ibus
4.Logout and login again. Environment variables need to be set/updated (NO NEED TO REBOOT).
5.From your user account (i.e. not root) select your keyboard layouts by running:
ibus-setup

For more Info http://sinhala.sourceforge.net/

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes