එවිට විවෘත්ත වන Ethernet Device කියන Dialog-box එකේ Statically Set IP Address කියන තැනට තමන්ගේ IP Address එකයි Subnet Mask එකයි දීල ඔබේ machine එක restart කරගත්තහම ඔබටත් වැඩේ සරලව කරගන්න පුළුවන්.
පස්සෙ ඉතින් ඔබේ කම්පියුටරේ ඉදන් වෙනිං කම්පියුටර් එකකට data send කරන්න terminal එක open කරල data packets ටිකක් ping කරල බලන්න. හැබැයි මෙතනදි වැදගත් කාරනාවක් වෙන්නෙ ලිනක්ස් වලදි terminal එකෙන් data ping කරන කොට ඒක නවතින්නෙ නැතුව දිගටම යනව. වින්ඩෝස් වලදි නම් එහෙම නැහැ තමා. ඒක නවත්ත ගන්න එක cntl+c ඔබල කරගන්න. වින්ඩෝස් වලදි Network Address එක එහෙම බලාගන්න command prompt එකේ ipconfig ටයිප් කරල වගේ ලිනක්ස් වල තියෙන්නෙ ifconfig කියන විදානයයි.
0 යි අදහස්:
Post a Comment
මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න