Latest Entries »

ලිනක්ස් වල හයිබනේට්

ඇත්තටම වින්ඩෝස්ව වලදී එන hibernate කතන්දරය ගැන ඔබ අසා ඇතුවාට කිසිම සැකයක් නැත. සාමාන්‍යයෙන් අප නම් බොහෝ දුරට hibernate භාවිතා කරන්නේ අප පරිගණකයට ඉක්මනින් login වී අපගේ වැඩ කටයුතු පහසු කර ගැනීමටය. විශේෂයෙන් තම පරිගණකය hibernate කිරීම මගින් එය shutdown කළ පසු ඉක්මනින්ම login වීමට අවස්ථාව සැලසේ. වින්ඩෝස් වලදී නම් hibernate පහසු කම සකස් කර ගැනීමට විශේෂයෙන් settings සකස් කළ යුතුයි. නමුත් ලිනක්ස් වලදී නම් එසේ අවශ්‍ය නැත. මෙය සිදු කර ගැනීමද හරිම පහසුය. ඔබ සාමාණ්‍යයෙන් gnome desktop එකෙන් තම පරිගණකය shutdown කරන්නේ system->shutdown හරහාය. මෙසේ shutdown මත click කළ විට ලැබෙන dialog box එකේ hibernate බොත්තම එබීමෙන් ඔබටත් ඔබේ ලිනක්ස් පද්ධතිය hibernate කර ගත හැකිය.


dual boot වීමට සකස් කරගෙන ඇති වින්ඩෝස් පරිගණකයේදී නම් hibernate පහසු කම ලබා ගැනීමට නොහැක. නමුත් ලිනක්ස් වලදී ඔබේ පරිගණකය dual boot වීමට සකස් කරගෙන තිබුනා වුවත් hibernate කිරීම තුලින් ප්‍රශ්නයක් ඇති නොවීම මෙහි ඇති වාසියකි.

4 comments:

  1. මමනම් ලිනක්ස් පාවිච්චි කරලා නෑ තවම ඒත් ඉදිරියේදී ළමයින්ට උගන්වන්න මේවා ඕනෑ වේවි ඒක නිසා මම මේව එකතුකරලා තියාගන්නවා

    ස්තූතියි ..

    ReplyDelete
  2. මමත් ලිනක්ස් ගැන මහා පරිමාණයෙන් දන්නෙ නැහැ. දෙයක් ඉගෙන ගත්තොතින් ඒක මේකෙ පල කරනව. කාටත් හොදයිනේ.

    ReplyDelete
  3. මේක මාතෘකාවෙන් පිට දෙයක් ඒත් දැනුවත් කරන 1 හොඳ නිසා කියන්නෙ. මේ පහත තියෙන ලින්ක් 1 fileserve එකේ compressed file එකක ලින්ක් එකක්. ඒක බා ගත කරගෙන remove wat 2.6 එකයි microsoft security essential එකයි පිළිවෙලින් ඉන්ස්ටෝල් කරගන්න්. ඊට පස්සෙ අප්ඩේට් කරගන්න. එතකොට හොඳම වෛරස් ගාඩ් 1ක් සදා කල් ම පාවිච්චි කරන්න පුලුවන්.
    Note:- නැතුව අලුත් microsoft security essential එක බෑවට වැඩක් නෑ ඒක genuine wndows ඉල්ලනව.
    මෙන්න ලින්ක් 1 ; http://www.filesonic.com/file/1052156534
    මුකුත් නොතේරෙන දෙයක් තියෙනව නම් මට මේල් කරන්න.
    sasika_samarawickrama@yahoo.com

    ReplyDelete
  4. නමුත් මට උනේ ඔය කියල තියෙන දේම අනිත් පැත්ත.වින්ඩෝස් වලින් හයිබර්නේට් කරන්න පුලුවන්. ලිනක්ස්(හන්තාන ලිනක්ස් 14.1) වලින් බෑ!!!

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes