Latest Entries »
පිටවාන
ලිනක්ස් මුල සිට සරලව ඉගෙන ගැනීමට කැමති අය කියවිය යුතුම තවත් සිංහල blog අඩවියක් දැන් තිබේ. එය නමින් පිටවානයි. මෙහි කතුවරයා ලිනක්ස් පිළිබදව ඉතා පැහැදිලි පාඩම් මාලවක් ඉදිරිපත් කරයි. ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සහ ඒ ආශ්‍රිත දේ ගැන තවදුරටත් අධ්‍යනය කිරීමට කැමත්තක් දක්වන පාටකයන් හට මෙයින් මහගු පිටුවහලක් සැලසෙයි.
ලිනක්ස් වල MPlayer
ලිනක්ස් වල විවිධ වර්ගයේ movies හෝ audio files ධාවනය කරගැනීමට යොදා ගත හැකි මෘදුකාගයක් තමයි Mplayer කියන්නේ. මෙය ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න ආකාරය පිළිබද මම කලිනුත් සදහන් කරා. ඒ ලිපිය කියවීමට මේ සම්බන්ධකය හරහා යන්න. නමුත් එහි යම් කිසි සුළු අතපසු වීමක් සිදුවී ඇතැයි මට හැගෙනව එනම්. එනම් ඔබ Add/Remove Software යටතේ Mplayer යනුවෙන් සෙවීමක් කළ විට සමහර විටක එම රූප වල දක්වා ඇති පරිදි පැකේජටික ඔබට නොපෙන්වීම.
එසේ නොවන්නේ ඒ පැකේජ අන්තර්ජාලයේ තිබෙන තැන් ගැන විස්තර සෙවීමට තිබෙන repository පරිගනකය නොදන්නා කමයි. එම නිසා මුලින්ම එම repository ටික install කර ගෙන නැවතත් Mplayer කියා සෙවුම සිදු කර නැවතත් පෙර ලිපියේ පරිදි ඔබට පහසුවෙන්ම Mplayer එක ඔබේ පරිගනකයේ ස්ථාපනය කර ගැනීමට පුළුවන්.
මේසේ මෙම repository පිළිබද දත්ත ඔබේ පරිගනකයේ ස්ථාපනය කර ගැනීමට ඔබේ terminal එක විවෘත්ත කර ගෙන su(හන්තාන හෝ ෆිඩොරා වල) command එක type කර ඔබේ root password එක ලබාදී පහත command එක type කර ගන්න,
මෙහිදී මෙය ඔබේ පරිගනකයේ ස්ථාපනය කරන්නදැයි විමසාවි එයට y යනුවෙන් ලබා දී ඉදිරියට යන්න.
ඉන්පසු
ටයිප් කර පෙර පරිදිම අවශ්‍ය ස්ථානයේදි y යනුවෙන් සටහන් කරන්න.
මෙම repository ටික ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගත් පසු පෙර ලිපියේ මම කියා ඇති පරිද්දෙන් Mplyer එක ස්ථාපනය කර ගත හැකි වේවි.
ඔබ එය විවෘත්ත කරගත් පසු සමහර විට පහත පරිදි message එකක් ඔබ videos විවෘත්ත කරන විට ලැබේවි.
එය නැවැත්වීම සදහා ඔබ gnome Mplayer එක විවෘත්ත කරගෙන එහි Edit->Preferences ගොස් එහි Player tab එකේ තියෙන video output එකහි gl තෝරන්න. දැන් පුරුදු පරිදි කැමති වීඩියෝවක් ඔබේ ලිනක්ස් පරිගණකයේ ධාවනය කර ගන්න.

Failed to open VDPAU backend libvdpau_nvidia.so: cannot open shared object file: No such file or directory
එය නැවැත්වීම සදහා ඔබ gnome Mplayer එක විවෘත්ත කරගෙන එහි Edit->Preferences ගොස් එහි Player tab එකේ තියෙන video output එකහි gl තෝරන්න. දැන් පුරුදු පරිදි කැමති වීඩියෝවක් ඔබේ ලිනක්ස් පරිගණකයේ ධාවනය කර ගන්න.
ලිපි වර්ග:
Linux software,
Working with Terminal
ලිනක්ස් වල තියෙන Chat Machine එක
ලිනක්ස් වල ඉදගෙන Internet භාවිතා කරන හුගක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ gmail account එකෙන් හරි yahoo account එකෙන් හරි chat කරන්න හරි හැටි message program එකක් නොදැන සිටීම. ඇත්තටම Hanthana, Fedora වගේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතිවලට එන default chat program එක තමා Empathy IM Client කියන්නෙ. Applications->Internet->Empathy IM Client යන මාර්ගයේ ගිහිල්ල මෙය විවෘත්ත කර ගන්න පුළුවන්. ඔබේ ලිනක්ස් පරිගනකයේ මෙය ස්ථාපනය කර ගෙන නැතිනම් System->Application->Add/Remove Software යටතේ empathy කියා දෙපාරක් find බොත්තම ඔබා පහත දැක්වෙන පැකේජටික පරිගණකයේ ස්ථාපනය කර ගන්න.
ඉන්පසු Empathy විවෘත්ත කරගෙන Edit->Accounts->Add යටතේ ඔබේ Email service එක තෝරා Account එකක් Create කරගන්න.
ඉන් පසු ඔබේ email account එකේ ID එකයි password එකයි දීල connect බොත්තම ඔබන්න. එච්චරයි. ඔබේ ඊමේල් එකේ තියෙන contact list එක එහි දර්ශනය වේවි. හරිම සරලයි. මෙහි ඇති වාසිය තමා ඔබට අවෂ්‍ය නම් තමන්ගේ Email accounts කිහිපයක තියෙන contact list මේකට ඇතුලත් කරගත හැකි වීම. ඒ නිසා කුමන වර්ගයක email account එකක් තිබුනත් තමන්ට කැමති වෙලාවක, ඒ ඒ ආයතනයට අදාල chat program එක යොදා ගන්නෙ නැතුව, එකවිට, අනිත් අයත් එක්ක chat කරන්න හරිම පහසුයි.

ලිනක්ස් වල Remote Desktop
හුගක් අය වින්ඩෝස් වල එන Remote Desktop එක ගැන අසා ඇති. තවත් අය එය පාචිච්චි කොටද ඇති. නමුත් ලිනක්ස් වලද මෙවැනිම Remote Desktop එකක් තිබෙන බව ඔබ දැන සිටියාද?
සමහර විට නොදැන සිටින්නට පුළුවන. එසේ නම් දැන් අප ලිනක්ස් තුලදී Remote Desktop එක භාවිතා කරන හැටි ඉගෙන ගනිමු.
ප්‍රතමයෙන්ම ඔබ ඔබේ පරිගණකයට IP address එකක් set කර ගත යුතුය. IP address එකක් set කිරීම පිළිබදව මා පලකළ ලිපියට පිවිසීමට මෙම සම්බන්ධකය යොදා ගන්න.
සරලවම ඔබට IP address එකක් set කර ගැනීමට ඉහත ලිපියේ දැක්වෙන ආකාරයටද පුළුවන. නැතහොත් Applications->System Tools හරහා ගොස් terminal එක විවෘත්ත කරගෙන එහි,
යනුවෙන් සටහන් කිරීම තුලින්ද එය සිදු කර ගත හැක.
දැනටමත් ඔබේ පරිගනකයට ඇතුලත් වී ඇති IP address එකක් ඇත්දැයි බැලීමට terminal එකේ ifconfig යන command එක ලබාදී, පහත රෑපයේ මා දක්වා ඇති අකාරයට සදහන් වී ඇත්තේ ඔබේ පරිගණකයට දැනටමත් සම්බන්ධ වී ඇති IP address එක බලා ගන්න. එසේ නොමැති නම් මම ඉහත සදහන් කළ ආකාර දෙකෙන් එකක් යොදා ගනිමින් ප්‍රතමයෙන් IP address එකක් පරිගණකයේ ස්ථාපනය කර ගන්න.
හරි දැන් System->Preferences හරහා Remote Desktop වෙත පිවිසෙන්න. පහත රෑපයේ දැක්වෙන ආකාරයට සකස් කරගන්න.
ඔබ කැමති password එකක් ලබා දෙන්න.
දැන් මෙහි නිල් පාටින් දිස්වෙන IP address එක මත click කරන්න. එවිට තත්පර කිහිපයකින් Compose Message යනුවෙන් Window එකක් විවෘත්ත වේවි.
එහි ඇති ඔබේ IP address එකත් සමග අවසානය දක්වා ඇති කොටස copy කර ගන්න. (මෙහි ඔබේ IP Address එකෙන් පසුව ::5900 ලෙස ඇත්තේ remote desktop software එක communicate එකන port number එකයි. මෙම ලිපියේ port numbers පිළිබදව පැහැදිලි නොකරමි. එය සරල පාටකයෙකුට අවශ්‍යද නැත.)
ඉන් පසු Applications->Internet හරහා ගොස් Remote Desktop Viewer එක විවෘත්ත කරගෙන එහි වම් පස ඉහලින් ඇති Connect බොත්තම ඔබන්නන.
ඉන්පසු විවෘත්තවෙන window එකේ අර ඉහතින් ඔබ copy කර ගත් port number එකත් සමග ඇති IP Address එක paste කර find බොත්තම ඔබන්න. එවිට password එකක් විමසයි එයට ඔබ කලින් ලබා දුන් password එක ලබා දෙන්න. දැන් Remote Desktop Viewer තුලින් තමන්ගේම desktop එක දිස්වෙන බව වටහා ගන්න.
ඉහතින් සදහන් කලේ ඔබේ පරිගණකයේ සිට නැවත Remote Desktop Viewer හරහා ඔබේ පරිගණකයටම සම්බන්ධවීමයි. ඔබේ පරිගණකයේ සිට වෙනත් පරිගණකයකට සම්බන්ධ වීමට එම පරිගණකයේ IP Address එකත් සමග port number එක ද :: ලකුණු දෙකට පසුව ලබා දිය යුතුයි. මෙහිදී වැදගත් වන්නේ එම පරිගණකයේද port number එක ඔබේ පරිගණකයේ port number එකට සමාන විය යුතු බවයි. මෙහි default port number එක හැම විටම 5900 වන නිසා ඔබට ඒ හැටි port number එක ගැන තැකීමක් කිරීමට අවශ්‍ය වන්නේ නැත. එසේ වෙන්ත් පරිගණකයකට සම්බන්ද වීමට නම් එම පරිගණක දෙක ජාලගත කරගෙන තිබිය යුතුයි. මම මෙම ලිපිය ආරම්භයේදීම සදහන් කර සම්බන්ධකය හරහා ගොස් ඔබට එය සිදු කරගන්නා ආකරයද ඉගෙන ගත හැක.
තවත් ලිපියකින් ලිනක්ස් පරිගණකයේ සිට Remote Desktop Viewer හරහා Windows ඇති පරිගණකයකට සම්බන්ධ වීමටත්, එයින් වැඩ ගැනීමටත් ඉගෙන ගනිමු.

ifconfig eth0 192.168.1.1 255.255.255.0

ලිනක්ස් වල සිංහල ස්තාපනය කර ගනිමු
මෙහිදී මම භාවිතා කරන්නේ System->Administration යටතේ ඇති Add/Remove Software මගින් ලිනක්ස් වලට සිංහල භාෂාව ඇතුලත් කර ගැනීම හා සිංහලෙන් යතුරු ලියනය කිරීම පිළිබදව කියා දීමටයි.
පෙර සදහන් කළ මාර්ගය ඔස්සේ Add/Remove Software වෙත යන්න. එහි ඇති search box එක තුල sinhala යනුවෙන් සදහන් කර find බොත්තම ඔබන්න. (මෙහිදී වම්පස package list එකක් තත්පර කිහිපයක් ගිය පසු දර්ශනය නොවේ නම් නැවත වරක් search box එක තුල sinhala යනුවෙන් පවතින විටදීම find බොත්තම ඔබන්න.)
ඉන්පසු පහත සදහන් පැකේජ පෙල ඉදිරියෙන් ඇති check box එක tick කර Apply බොත්තම ඔබා ඒවා ස්තාපනය කරගන්න.
Sinhala engine for IBus input platform.
Fonts for Sinhala language
Contributed input maps for sinhala
m-17n-db input maps for sinhala
Sinhala support
හරි දැන් ඔබේ ලිනක්ස් පරිගනකයේ සිංහල භාෂාව ස්ථාපනය වී ඇත.
දැන් අපි සිංහලෙන් යතුරුලියනය කරීම කරගන්නා ක්‍රමය සකස් කර ගන්නා ආකාරය බලමු.
ප්‍රතමයෙන් System->Preferences හරහා ගොස් Input Method යන්න විවෘත්ත කරගන්න. ඉන්පසුව රෑපයේ දැක්වෙන ආකාරයේ dialogue-box එකක් විවෘත්ත වේවි.
එහි Enable Input Method යන්න ඉදිරියෙන් ඇති check-box එක මත tick කර Use IBus යන්න මත click කර Input Method යන්න click කරන්න. එවිට පහත රූපයේ පරිදි IBUs Preferences යන dialogue-box එක විවෘත්ත වේවි. එහි Input Method යන tab එක මත click කර select an input method යන drop down menu එක click කරන්න.
එහි Sinhala;Sinhalese->Wijesekara හෝ ඔබ හදුනන සිංහල keyboard එකක select කරගන්න. ඉන්පසු Add බොත්තම ඔබන්න. හරි දැන් වැඩේ හරි. ඔබේ desktop එකේ පහත දැක්වෙන ආකාරයේ අයිකනයක් පැමිණ ඇතිබව වටහා ගන්න.
දැන් ඔබ, ඔබේ user account එකෙන් logout වී නැවතත් login වෙන්න. දැන් Open Office Writer වැනි මෘදුකාංගයක් විවෘත්ත කරගෙන Ctrl+space යතුරු දෙක එකවිට එබීමෙන් සිංහල යතුරුලියනය සක්‍රීය කර ගත හැක. නැවත English වලට මාරු වීමට එම යතුරුම ඔබන්න.
දැන් ඔබත් පහසුවෙන් ලිනක්ස් වල සිට සිංහලෙන් අකුරු ලියන්න.
වින්ඩෝස් මෘදුකාංග ලිනක්ස් වල වැඩ කරවන්න Wine යොදා ගන්න
වින්ඩෝස් වල ධාවනය වන මෘදුකාංගයක් තව දුරටත් ලිනකස් වල ධාවනය කරගැනීම ප්‍රශ්නයක් නොවේ. Wine ඔබේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ ස්ථාපනය කරගන්න. මෙයට ඔබේ පරිගණකයේ අන්තර්ජාල පහසුකම තිබිය යුතුය.
Wine ස්ථාපනය කර ගැනීමට ඔබ terminal එක විවෘත්ත කරගෙන එහි yum install wine ලෙස ඔබ fedora භාවිතා කරනව නම් type කරන්න, root password එක ලබා දී ඉදිරියට යන්න. ඔබ Ubuntu වැනි Debian ලිනක්ස් මත පාදක වූ මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරනව නම් # apt-get install wine ලෙස type කර පෙර මෙන් root password එක ලබාදී wine ස්තාපනය කර ගන්න. ඉන්පසු ලිනක්ස් විසින් ඉබේම wine ස්තාපනය කිරීම සදහා බාගත කර යුතු packages වර්ග සොයා බලයි. ඊටත් පසුව ඔබෙන් ඒවා භාගත කර ස්ථාපනය කරීමට අවසර ඉල්ලයි. එතනට y ලෙස ලබාදෙන්න. අවසානයේ wine ස්තාපනය වී complete වේවි.
දැන් තමන්ට අවශ්‍ය වින්ඩෝස් මෘදුකාංගයක exe file එකක් ගන්න. එය මත right click කර ලැබෙන මෙනුවෙන් Open with Wine Windows program loader මත Click කිරීමෙන් සරලව වින්ඩෝස් වලදී ඔබ මෘදුකාංග ස්තාපනය කරන විට ලැබෙන dialogue-boxes ටික ලැබේවි. ඉතින් ඊට පස්සෙ කරන්න තියෙන ටික ඉතින් හැමෝම දන්නවනේ.
ඔන්න ඉතින් ඔය විදියට දැනට ලිනක්ස් වලට අත තියන්නවත් කැමති නැති අයටත් ලිනක්ස් වල ඉදන් වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. වැඩේ හරි සරලයි.
වැඩි විස්තර සදහා WineHQ වෙබ් අඩවියට පිවිසෙන්න.
වැඩි විස්තර සදහා WineHQ වෙබ් අඩවියට පිවිසෙන්න.
ලිපි වර්ග:
Linux software,
Working with Terminal
ලිනක්ස් වලදි නෙට්වර්ක් port එකට IP Address එකක් ලබා දෙමු
එවිට විවෘත්ත වන Ethernet Device කියන Dialog-box එකේ Statically Set IP Address කියන තැනට තමන්ගේ IP Address එකයි Subnet Mask එකයි දීල ඔබේ machine එක restart කරගත්තහම ඔබටත් වැඩේ සරලව කරගන්න පුළුවන්.
පස්සෙ ඉතින් ඔබේ කම්පියුටරේ ඉදන් වෙනිං කම්පියුටර් එකකට data send කරන්න terminal එක open කරල data packets ටිකක් ping කරල බලන්න. හැබැයි මෙතනදි වැදගත් කාරනාවක් වෙන්නෙ ලිනක්ස් වලදි terminal එකෙන් data ping කරන කොට ඒක නවතින්නෙ නැතුව දිගටම යනව. වින්ඩෝස් වලදි නම් එහෙම නැහැ තමා. ඒක නවත්ත ගන්න එක cntl+c ඔබල කරගන්න. වින්ඩෝස් වලදි Network Address එක එහෙම බලාගන්න command prompt එකේ ipconfig ටයිප් කරල වගේ ලිනක්ස් වල තියෙන්නෙ ifconfig කියන විදානයයි.
ලිපි වර්ග:
For knowledge,
Working with Terminal
Subscribe to:
Posts (Atom)