Latest Entries »

ලිනක්ස් වලදි නෙට්වර්ක් port එකට IP Address එකක් ලබා දෙමු


සාමාන්‍යයෙන් Windows වලදි තමන්ගෙ Network Card එකේ තියෙන Ethernet Port එකට IP Address එකක් ලබා දෙන විදිහ හුගක් අය දන්නව. ඒ වුනාට ලිනක්ස් භාවිතා කරන සමහර අය එහෙම IP Address එක ලබා දෙන්නෙ කොහොමද කියල දන්නෙ නැහැ. මොකද ලිනක්ස් කියන්නෙ බොහෝ දෙනා භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක් නොවන නිසා. කොහොමින් කොහොම හරි ලිනක්ස් කම්පියුටර් එකක ඉදන් තමන්ගෙ Ethernet Port (සරලව කිව්වොත් RJ-45 ජැක් එක සම්බන්ද කරන තැනට) එකට IP Address එකක් ලබා දෙන එක හරිම පහසුයි. ඒක කරන්න ඔබ Gnome desktop එක භාවිතා කරනව නම් System->Administration->Network හරහා ගොස් තමන්ගේ root password එක ලබා දුන්නාට පසු විවෘත්ත වන dialog-box එකේ eth0 කියන නම මත double click කරන්න.
 

එවිට විවෘත්ත වන Ethernet Device කියන Dialog-box එකේ Statically Set IP Address කියන තැනට තමන්ගේ IP Address එකයි Subnet Mask එකයි දීල ඔබේ machine එක restart කරගත්තහම ඔබටත් වැඩේ සරලව කරගන්න පුළුවන්.
 
පස්සෙ ඉතින් ඔබේ කම්පියුටරේ ඉදන් වෙනිං කම්පියුටර් එකකට data send කරන්න terminal එක open කරල data packets ටිකක් ping කරල බලන්න. හැබැයි මෙතනදි වැදගත් කාරනාවක් වෙන්නෙ ලිනක්ස් වලදි terminal එකෙන් data ping කරන කොට ඒක නවතින්නෙ නැතුව දිගටම යනව. වින්ඩෝස් වලදි නම් එහෙම නැහැ තමා. ඒක නවත්ත ගන්න එක cntl+c ඔබල කරගන්න. වින්ඩෝස් වලදි Network Address එක එහෙම බලාගන්න command prompt එකේ ipconfig ටයිප් කරල වගේ ලිනක්ස් වල තියෙන්නෙ ifconfig කියන විදානයයි.

0 යි අදහස්:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes