Latest Entries »

පරණ Ubuntu Install කිරීම නවතමු.

අප සෑම විටම උබන්ටු ස්ථාපනය කරන්නේ අන්තර්ජාලයෙන් ලබාගත් iso එකක් මගිනි. නමුත් සෑම විටම එසේ ලැබෙන්නේ අළුත්ම update සහිත Ubuntu නොවේ.

නමුදු ඔබට වේගවත් අන්තර්ජාල සබදතාවක් ඇත්නම "Installation Minimal CD" මගින් ඔබ පරිගණකයට උබන්ටු ස්ථාපනය කරගන්නා විටම නවතම updates ටික ලබාගන්නට පුළුවන්. තවත් වාසියක් නම් එකම Installation Minimal CD එක යොදාගෙන විවිධ වූ උබන්ටු සංස්කරන පරිගණකයේ ස්ථාපනය කරගත හැකි වීමයි.

ඉතින් Ubuntu Minimal CD එක download කර ගන්න මේ සම්බන්දකය හරහා යන්න. එම iso එක 20MB තරම් කුඩා අගයක් ගනියි.

youtube වීඩියෝ download කිරීමට youtube-dl

ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන බොහෝ දෙනෙකුගේ ප්‍රියතම youtube වීඩියෝ ඩවුන්ලෝඩරය වන්නේ youtube-dl ය. ඉතින් නොදන්න අය ඉන්නවනම් එය ඔබේ ලිනක්ස් පරිගණකයේ ස්ථාපනය කරගන්නා හැටි මෙම ලිපියෙන් කියන්නම්.

youtube-ld යනු ලිනක්ස් shell එක හරහා වැඩ කරන python script එකක්. මෙම youtube-dl ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට

yum install youtube-dl (hanthana/fedora ඇතිවිට)
sudo apt-get install youtube-dl (ubuntu ඇතිවිට) 

යන commands දෙකෙන් එකක් යොදා ගන්න. මෙසේ youtube-dl ස්ථාපනය කර ගත් පසු ඔබට අවශය වීඩියෝව download කිරීමට shell එක තුළ

youtube-dl -o <ඔබේ/වීඩියෝවට/ලබාදෙන/නම.flv>  <youtube URL>

ලෙස ලබා දෙන්න. උදාහරණයක් ලෙස දුෂාන්ගෙ "ඔබ ඉන්නෙ කොහෙද කියා" වීඩියෝව download කරමු. ඒ සදහා shell එකේ

youtube-dl -o ObaInnekohedaKiya.flv http://www.youtube.com/watch?v=wGh8OYeQWUc youtube-dl 

යොදා ගන්න. 



youtube-dl latest python script එක ලබා ගැනීමට මෙම සම්බන්ධකය හරහා යන්න. මෙම script එක shell එකේ

python youtube-dl -o ObaInnekohedaKiya.flv http://www.youtube.com/watch?v=wGh8OYeQWUc 

ලෙස යොදා ගෙන run කරන්නට පුළුවන්.

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes