එහෙනම් Emerald Theme Manager එකෙන් ලස්සන කරගමු. මුලින්ම Gnome desktop එකේ System->Administration->Add/Remove Software යන්න. ඊට පස්සෙ එකෙ Search bar එකේ Emerald කියල type කරල find බොත්තම ඔබන්න. ඊට පස්සෙ ඔබට packages කිහිපයක් පෙන්වාවි. ඒවා වලින් Themeable window decorator and compositing manager for Compiz පරකේජ් එක සහ ඔබේ desktop එක ලස්සන කර ගැනීමට themes ටිකක් ලබා ගැනීමට Themes for Emerald, a window decorator............... යන packages දෙක තෝරා යටන් තිබෙන Apply බොත්තම ඔබන්න. එවිට ඔබේ පරිගනකයේ Emerald Theme Manager එකයි Themes ටිකකුයි install වේවි.
ඊට පස්සෙ අයෙමත් Sytem->Preferences->StartUpApplications වෙතට ගොස් පහත පරිදි type කර ගන්න.
මෙහිදී සිදුකරන්නේ Linux මෙහෙයුම් පද්ධතිය ආරම්භයේදීම emerald theme manager එක ආරම්භ වී අප පෙර සැකසු theme එක desktop එකට set වීමයි.
ඔන්න ඉතින් ඊට පස්සෙ computer එක restart කරන්න. ඊට පස්සෙ System->Preferences->Emerald Theme Manager වෙත ගොස් ඔබට කැමති theme එක මත mouse button එක තබා select කිරීමෙන් ඔබේ windows වල හැඩය පාට වැනි බොහෝ දේ වෙනස් වන ආකාරය බලා ගන්න.
දැන් කව්ද කියන්නෙ Linux කැතයි කියල?
Latest Entries »
Subscribe to:
Post Comments (Atom)
Emerald walata wada matanam GTK hondai wage.. kohoma unath ubuntu themes methanin ganna puluwan
ReplyDeletehttp://browse.deviantart.com/customization/skins/linuxutil/
digatama liyanna.. linux gana
thnx
බොහොම ස්තූතියි ඉෂාන්. Linux ගැන තව තවත් ලියන්න ඔබලාගේ comments මාව දිරි ගන්වනව.
ReplyDeleteසහෝ මාත් ubuntu දාගන්න කැමතියි එත් ප්‍රශ්නයකට තියෙන්න ඊට පස්සේ මගේ huawei modem එක ඉන්ස්ටල්ල් කරන හැටි දන්නේ නැති එකයි, පුලුවන්නම් උදව්වක් දෙන්න
ReplyDeletenayanaharsha@gmail.com
System->Administration->NetworkConnections->MobileBroadBand->Add යන මාර්ගයේ ගොස්. ඔබේ modem එකේ settings හදා ගන්න. ඒක graphical user interface එකක් නිසා කරන්න අවශ්‍ය දේවල් ගොඩක් ඒ තුලම පැහැදිලි කරල තියෙනව.
ReplyDeleteමම මේ විජය පරිගණක පත්තරේට කත් අදිනව එහෙම නෙවෙයි. ඒ උනාට මේ අවුරුද්දෙ නොවැම්බර් පරිගණක සගරාවෙ Ubuntu වල HSDPA modem එකක් install කර ගන්න ආකාරය පැහැදිලි කරල තියෙනව. ඒ සගරාව වෙන්නෙ රුපියල් 50 යි.
නැත්නම් Ubuntu වල තියෙන Applications->Add/Remove යටතේ මතුවන window වේ UbuDSL ලෙස search කර එම software එක ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගෙන. ඒකෙන් ඔබේ modem එක හරියට සකස් කර ගත හැක.
මම පාවිචි කරන්නේ Fedora බැවින් මා හාට UbuDSL වලින් වැඩක් නැත. කෙසේ වූවද මා මුලදී සදහන් කළ ආකාරයෙන් ඔබට modem එක පහසු වෙන් set-up කර ගත හැකි වේවි.
Good Luck
මං try කරලා බලන්නම්..උපදෙස් වලට බොහොමත්ම ස්තුති
ReplyDeleteෆෙඩොරා මිතුරෙක් හමුවිම සතුටක්......
ReplyDeleteමටත්.
ReplyDeleteජය වේවා!
wede nam hari eth thawa podi aulak thiyenawa....sinhala unicod daganna try kala hri giye na..puluwannam kiyala denawada?
ReplyDeleteGo to 'System->Preferences->Add/Remove Software'
ReplyDeleteSearch for 'sinhala'
Install bellow packages and restart the computer
Sinhala engine for IBus input platform.
Fonts for Sinhala language
Contributed input maps for sinhala
m-17n-db input maps for sinhala
Sinhala support
mchn haven't that path System->Preferences->Add/Remove Software...k. any way I'll try, thanks for your grate help
ReplyDeleteSystem->Administration->Add/Remove Applications
ReplyDeleteවැඩේ හරි..බොහොම ස්තුති
ReplyDeleteubuntu themes (human theme) + icons + metacity theme bla bla bla .... okkoma fedora walata damma awuruddakata kalin dhan mukuth mataka nae ......karapu widiha
ReplyDeleteDo you know it? emarald doesn't look that pretty still.
i'm using fedora from moonshine (FC7)
happy to meet Fedora lovers.
ReplyDeleteIf you all interest to have a Rocket-Dock in Fedora, try this
http://glx-dock.org/ww_page.php?p=Fedora%20repository&lang=en
wede hodi digatama liyanna api enawa balanna.math windows walin ubuntu maru una,getalu kipayakma tiyanawa,et ubuntu dala yanna hitennene,brun,convert,podi getalu nisa windows xpth tiyagena inne,ubuntu idan xp yanakota dongle eka galawanna oni netnam xp on wenne, ubuntu11.10 tiyenne.
ReplyDelete@Nalinda Priyadarshana
ReplyDeleteමගෙ නෑදෑ කෙනෙකුටත් ඔය පශ්නෙ තියෙනව. හැබැයි. එයාගෙ තියෙන්නෙ windows විතරමයි. ඩොංගල් එක ගහල තියෙද්දි computer එක on කරනකොට bios වලින් එහාට computer එක වැඩ කරන්නෙ නැහැ. ඔයාගෙ පශ්නෙත් ඒකමද?