Latest Entries »

සුනාමිය නිමාවිය


නැගී සෝසුසුම්
දුක් කදුළු
අහිමි වූ ජීවිත
මව, පියා
සොහොයුරා, සොහොයුරිය
එකම වලක මිහිදන් කළ ඒ අතීතය
වලලා දමා
යළි ගොඩ නගමු දේශය
දෙවෙනි නැති
ලොව, අන්, කිසි රටකට

මේ පදවැල් ලියවුනේ මීට වසර හය කට පෙර සිදුවූ ඒ මහා ඛේදවාචකය සිහිපත් කිරීම සදහා 2005 වර්ෂයේ අම්බලන්ගොඩ ගා/ධර්මාශෝක විද්‍යාලය මගින් වේදිකා ගත කළ, සමස්ථ ලංකා නාට්‍ය තරගාවලියේ තෙවන ස්ථානය හිමිකර ගත් "සුනාමිය නිමාවිය" නම් වේදිකා නාට්‍ය සදහාය. මෙහි පද රචනය හා නාට්‍ය නිර්මාණය නීතීඥ ගෝතම ද සිල්වා කාරියවසම් මහතා විසිනි.

ඒ මහා ඛේදවාචකය හේතුවෙන් මේ පෘථිවි තලය තුල මිහිදන් වූ අපගේ සහෘදයන් හා ඥාතීන් අද දින සිහිපත් කරමු.
සියළු වාද භේද ඉවතලා නැවතත් එක්ව නැගී සිටිමු.
එය සමස්ථ මිනිස් වර්ගයාගේ හිත සුව පිණිසම වනු ඇත.

ඔබට සුභ නත්තලක්


ඔබට සහ ඔබගේ ආදරණීයන්ට, සාමය සතුට සහ සෞභාග්‍ය පිරි සුභ නත්තලක් පතමි.

ලිනක්ස් වල Youtube බලන්න බැහැනේ?


හරි දැන් කලබල වෙන්න එපා. ඇත්තටම සියළු දෙනා දන්නා දන්නා පරිදි Youtube වෙබ් අඩවිය මගින් ලබාදෙන වීඩියෝ දර්ශන නැරඹීම සදහා Firefox තුල flash plugin එක ස්ථාපනය කර තිබිය යුතුය. බොහෝ වින්ඩෝස් භාවිත කරන උදවිය නම් flash player plugin එක පරිගණකයේ ස්තාපනය කර ගැනීම මහ ලොකු අමාරු කාරණයක් නොවේ.
නමුත් Linux මෙහෙයුම් පද්ධතියේ file system එකේ folders නොදන්නා ඔබට යම් විටක මෙය අපහසු කාරණයක් විය හැක. ඇත්තටම මෙය සිදු කිරීම පහසු කාරණයකි.

ප්‍රථමයෙන්ම කිව යුතු වන්නේ ඔබ flash plugin එක 64-bit හෝ 32-bit linux මෙහෙයුම් පද්ධතියට අදාල ලෙස භාගත කර ගන්න යන්නයි. මෙය හදුනා ගැනීමට භාගත කරනා file extension එකේ අගින් x64 හෝ වැනි පාථයක් තිබිය යුතුය. මෙම 64-bit plugin එක මම මෙම ලිපිය ලියන අවස්ථවේදී Adobe වෙබ් අඩවියෙන් තාවකාලිකව ඉවත් කර ඇත. නමුත් මගේ ලග තිබෙන 64-bit plugin එක ඉහත link එක තුලින් ඔබ භාගත කර ගන්න.

ඇත්තටම ඔබ 32-bit linux මෙහෙයුම් පද්ධතියක් යොදා ගනී නම් දී ඇති link එක හරහා ගොස් select version to download යනුවෙන් තිබෙන drop down මෙනුවට යන්න.

ඔබ Ubuntu මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනව නම් එම මෙනුවෙන් අදාල Ubuntu මෙහෙයුම් පද්ධතිය තෝරා එම පැකේජය භාගත කර ගන්න. ඔබ fedora භාවිතා කරයි නම් rpm පැකේජය භාගත කර ගන්න. පසුව එම එම භාගත කරගත් පැකේජය මත double click කර විට flash player එක ඔබේ පරිගණකයේ ස්ථාපනය වේවි.

මෙහිදී මෙම මෘදුකාංගය ස්ථාපනය වීමට පෙර Linux මෙහෙයුම් පද්ධතිය විසින් ඉල්ලන ඔබේ root password එක ලබා දීම සිදු කළයුතුවේ.

ඉන් පසු නැවත පරිගණකය restart කර firefox වලින් මම දමා ඇති youtube flash video එක වැඩද කියල බලන්න.

දැන් 64-bit ප්‍රෂ්ණය වෙත යොමු වෙමු. ඇත්තටම මෙහිදී Adobe අයතනය මගින් 64-bit plugin එක සදහා වන මම විසින් පෙර සදහන් කළ පැකේජ භාගත කිරීමට ඉඩ ලබා දීම තාවකාලිකව නතර කර ඇත.

නමුත් මම දුන් 64-bit plugin එක භාගත කරගෙන පහත පියවර ඔබේ terminal(Applications->Sytem Tools->Terminal) එක තුල type කරන්න.


මෙහිදී මා විසින් මුලදී su යනුවෙන් type කරන්නේ Linux මෙහෙයුම් පද්ධතියේ root(වින්ඩෝස් වල administrator මෙන්) බවට පත්වීමටයි. (ඔබ Ubuntu භාවිත කරයි නම් su වෙනුවට super යොදන්න.)
password යන තැන ඔබේ root password එක type කර enter කරන්න.

දැන් පරිගණකය restart කර player එක වැඩ කරනවද කියල බලන්න.

64-bit ද? 32-bit ද?

ඇත්තටම මේ අංක දෙක පරිගණක වල processor architecture (සැකැස්ම) එකට සම්බන්ධ වූවකි. දැන් වෙලද පොලට එන , අළුත්, නමුත් සියට අනූ නවයක්ම processor වර්ග මෙම 64-bit සැකැස්ම අනුව සකස් කළ ප්‍රොසෙසර වේ (උදා:-intel CoretoDuo, intel ix, AMD AthlonX2). 64-bitට අමතරව පෙර තිබු processor architecture වර්ග කිහිපයක් නම් 32-bit(x86),16-bit , 8-bitවේ.



තවමත් පරිගණක වැඩ සටහන් පාවිච්චි කිරීමේදී බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නේ එම වැඩ සටහන එම ප්‍රෙසෙසරයේ architecture එකට අනුව සකස් කර තිබිය යුතුය යන්නයි. නැතිනම් එම වැඩ සටහන එම පරිගනකයේ ක්‍රියාත්මක නොවේ. එහෙත් ඔබට 64-bit සැකැස්මට අනුව සකස් කළ processor එකක් සහිත පරිගණකයට ඊට පහල සැකැස්මකට අනුව සකස් කළ මෘදුකාංග වර්ග ස්ථාපනය කර ගත හැක.


මෙම 64-bit සැකැස්ම ඇති processor වර්ග වල ඇති ප්‍රධානම අංගය වන්නෙ පරිගණකය තුලින් යම් කසි කාර්යයක් සිදු කර ගෑනීමට ගතවන කාලය අවම වීමයි. මේ නිසා 64-bit සැකැස්ම අනුව නිර්මානය කළ මෘදුකාංග වර්ග දැන් මෙහෙයුම් පද්ධතිවර්ග වල සිට සරල පිටු සැකසුම් මෘදුකාංග දක්වා ඇත. නමුත් ඔබට 32-bit architecture එකට අනුව සකස් කළ processor වර්ග ඇති පරිගණකයකට 64-bit architecture එකට සකස් කළ මාදුකාංග වර්ග ස්ථාපනය කිරීම කළ නොහැක.

64-bit මාදුකාංග ආරකෂාව අතින්ද ඉහලය. 32-bit මෙහෙයුම් පද්ධතියකට වඩා 64-bit මෙහෙයුම් පද්ධතියකට වෛරස මගින් එල්ලවන තර්ජන බොහෝ අඩුය. කිමද බොහෝ වෛරස් වර්ග නිපදවා තිබෙන්නේ 32-bit මෙහෙයුම් පද්ධතිවල සිට බැවිනි.


ඔබත් ඔබේ processor එක 64-bit සැකැස්ම අනුව සැකසූවක් නම් එයට අනුව සකස් කළ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ගන්න.


ඊට අමතරව සදහන් කළ යුතු වන්නේ ඔබේ පරිගණකයට 4GB තරම් වත් ram මතකයක් තිබේ නම් එය 64-bit වලින් වැඩකරන මෘදුකාංග සදහා යෝග්‍ය බවයි. නමුත් මෙය අවශ්‍යමත් නැත.

Linux කැතද?

එහෙනම් Emerald Theme Manager එකෙන් ලස්සන කරගමු. මුලින්ම Gnome desktop එකේ System->Administration->Add/Remove Software යන්න. ඊට පස්සෙ එකෙ Search bar එකේ Emerald කියල type කරල find බොත්තම ඔබන්න. ඊට පස්සෙ ඔබට packages කිහිපයක් පෙන්වාවි. ඒවා වලින් Themeable window decorator and compositing manager for Compiz පරකේජ් එක සහ ඔබේ desktop එක ලස්සන කර ගැනීමට themes ටිකක් ලබා ගැනීමට Themes for Emerald, a window decorator............... යන packages දෙක තෝරා යටන් තිබෙන Apply බොත්තම ඔබන්න. එවිට ඔබේ පරිගනකයේ Emerald Theme Manager එකයි Themes ටිකකුයි install වේවි.

ඊට පස්සෙ අයෙමත් Sytem->Preferences->StartUpApplications වෙතට ගොස් පහත පරිදි type කර ගන්න. 

මෙහිදී සිදුකරන්නේ Linux මෙහෙයුම් පද්ධතිය ආරම්භයේදීම emerald theme manager එක ආරම්භ වී අප පෙර සැකසු theme එක desktop එකට set වීමයි.

ඔන්න ඉතින් ඊට පස්සෙ computer එක restart කරන්න. ඊට පස්සෙ  System->Preferences->Emerald Theme Manager වෙත ගොස් ඔබට කැමති theme එක මත mouse button එක තබා select කිරීමෙන් ඔබේ windows වල හැඩය පාට වැනි බොහෝ දේ වෙනස් වන ආකාරය බලා ගන්න.


දැන් කව්ද කියන්නෙ Linux කැතයි කියල?

ඔබ කැමති Video Formats Play කිරීමට KPlayer

ලිනකස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන සාමාන්‍ය පරිෂීලකයාට තිබෙන අපහසුතා අතුරෙන් එකක් නම් තමන් කැමති video ෆයිල් වර්ගයක් ලිනක්ස් වල play කර ගැනීමේ අපහසුතාවයයි. නමුත් Kplayer මෘදුකාංයෙන් මෙම අපහසුතාවය මගහරවා ගත හැක. මෙම player එක මගින් අප සාමාන්‍යතායෙන් භාවිතා කරන flv, mpg, mp4, wmv වැනි ඕනෑම video format එකක files play කර ගත හැකිය.

මෙම player එක පරිගනකයේ ස්ථාපනය කර ගැනීමටද වැඩි දැනුමක් අවශ්‍ය නැත.

නමුත් මෙය භාගත කර ගැනමට internet සම්බන්දතාවය අවශ්‍ය වේ.

ඔබ gnome desktop එක භවිතා කරයි නම් system->Administration->Add/Remove Software යටතේ විවෘත්ත වන වින්ඩෝවේ Kplayer යනුවෙන් search කර එම පැකේජය පද්ධතියේ ස්ථාපනය කරගන්න. එය සිදුකිරීම සිංදුවක් අසන තරමටම පහසුවේ. Player එක ගැන තව දුරටත් ඉගෙනීමට එහි help එක භාවිතා කරන්න.

වැඩිදුර ඉගෙනීමට MPlayer Documentation එක කියවන්න.

chmod මගින් ලිනකස් ෆයිල් වල Permission වෙනස් කරමු

ලිනක්ස් වල permissions යනු මොනවාද?

මෙයට සරලම පිළිතුර permissions යන ඉංග්‍රීසී වචනයේ අර්තයෙන්ම ලබා ගත හැක. එනම් 'අවසරය' යන්නයි. ලිනකස් මෙහෙයුම් පද්දධති යුනික්ස් මෙහෙයුම් පද්ධති මෙන් මෙහෙයුම් පද්ධතිය හසුරුවන වන පුද්ගල User Levels තුනක් හදුනා ගනියි.
The Owner
A Group
all others users
මෙම user levels තුන සදහා ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ අඩංගු ඕනෑම file වර්ගයක් වෙනස් කිරීමට අවසර ලබා දීම permission වෙනස් කිරීම මගින් සිදු කළ හැක.

ලිනක්ස් වල වෙනස් කිරීමට හැක්කේ කුමන permission වර්ගද?

ප්‍රධාන වෂයෙන් ලිනක්ස් වල user levels තුනෙන් ඕනෑම එකකට යම් කිසි ෆයිල් වර්ගයක්
ලිවීමට – write (w)
කියවීමට – read (r)
execute කිරීමට (x)
අවසර ලබා දීම කළ හැක.

එසේ අවසර ලබාදීමට භාවිතා කරන විධානය වන්නේ chmodය. Chmod විධානයෙහි options තුලින් ඔබට යම් කිසි ෆයිල් වර්ගයක permissions වෙනස් කිරීම සිදු කළ හැක.

ඔබ සමහර විටක linux Terminal එකේ files හැසිරවීමේදී ls -l පාවිච්චි කර ඇතුවා නිසැකය.

[MWH@localhost ~]$ ls -l

total 64

-rw-rw-r--. 1 MWH MWH 742 2010-11-21 02:57 all.txt

drwxr-xr-x. 2 MWH MWH 4096 2010-11-24 14:57 Desktop

drwxr-xr-x. 3 MWH MWH 4096 2010-11-16 00:16 Documents

drwxr-xr-x. 3 MWH MWH 4096 2010-11-24 14:13 Downloads


එහි තිබු -rw-rw-r-- වැනි කොටස් හදුනා ගැනීමට ඔබට යම් කිසි විටක අපහසු වන්නට ඇත.
නමුත් මේ කියා තිබෙන්නේ මම දැන් කථා කරන ෆයිල් permission ටිකයි. උදාහරනයක් ලෙස

drwxr-xr-x. 2 MWH MWH 4096 2010-11-24 14:57 Desktop


යන්න ගනිමු.

එහි drwxr-xr-x කොටස ගනිමු
මෙය කොටස් හතරකට කැඩීමෙන් අපට මෙම ෆයිල් එක සදහා මම ඉහතින් සදහන් කළ user levels තුන සදහා ලබාදී ඇති permissions කියවා ගත හැක.
දැන් drwxr-xr-x කොටස් වලට කඩන හැටි බලමු.

d rwx r-x r-x

උදා:-
- rw- rw- r--
d rwx r-x r-x
d rwx r-x r-x
d rwx r-x r-x
- --- --- ---

මම ඉහතින් පෙන්වා දී ඇති පරිදි පළමු අකුර හැරෙන්න ඉතිරි අකුරු තුන බැගින් වෙන් කළ හැක. මෙහිදී පළමු අකුරෙන් පෙන්වා දෙන්නේ කුමක්දැයි සාකච්ඡා නොකරමි.

ඉහත උදාහරණ වල පලමු අකුර හැරෙන්නට ගත් විට අකුරු තුනේ ගොඩවල්(set) තුනක් තිබේ යයි ඔබට පෙනීයාවි. මේ ගොඩවල් තුන පිළිඹිබු(represent) කරන්නේ මම ඉහත සදහන් කළ user levels තුනයි.
පළමු අකුරු තුනේ ගොඩ අදාල වන්නේ එම ෆයිල් එක සැකසූ පුද්ගලයාටයි. - The Owner
දෙවන අකුරු තුනේ ගොඩ අදාල වන්නේ groupඑකකටයි.
තෙවන අකුරු තුනේ ගොඩ අදාල වන්නේ owner හා group හැර අන් අයටයි.

drwxr-xr-x. 3 MWH MWH 4096 2010-11-16 00:16 Documents අරගත් විට මින් පැහැදිලිවන්නේ Documents ෆෝල්ඩරය අයිතිකරු(owner)ට කියවීමටත්, එම ෆෝල්ඩරය තුල ලිවීමටත්, execute(ක්‍රියාත්මක)කිරීමටත් හැකියාව ඇතිබවයි.
Group එකකකට එම ෆෝල්ඩරය කියවීමට හා execute කිරීමට පමනක් අවසර ඇත. නමුත් එම ෆෝල්ඩරය තුල ලිවීමට අවසර නැත.
Owner සහgroup එක හැර අනෙක් අයටද අවසර ඇත්තේ ෆෝල්ඩරය කියවීමට සහ execute කිරීමට පමණි.

මෙම permissions වෙනස් කරන්නේ කොහොමද?

එය ඉතා පහසු කාර්‍යකි.
පළමුව අදල permission වෙනස් කළ යුතු file එකේ permissions දැන ගැනීමට ls -l භාවිතා කරන්න.
දෙවනුව chmod යොදා +<>

මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

ඔබට යම් group එකකට permission ලබා දීමට අවශ්‍ය නම් විධානය වන්නේ

chmod g+rwx filename

මෙහි + ලකුනෙන් අදහස් වන්නේ permission ලබාදෙන්න(grant) යන්නයි. (මේ අකාරයටම – ලකුණ යොදා permission ඉවත් කිරීමද කළ හැක.)

ඔබට සමහර විටක යම් file එකක සියළු user levels සදහා එකවර සමාන permissions ලබා දීමට අවශ්‍ය නම් විධානය වන්නේ

chmod +rwx filename හෝ
chmod +x filename හෝ
chmod +r filename හෝ
chmod +w filename හෝ

යනුවෙනුයි.

දැන් ඔබට යම් ෆයිල් එකක permissions වෙනස් කිරීමට වැටහුනා යයි සිතමි.

වින්ඩෝස් වලින් C++ වැඩසටහන් ලිවීමට ඇත්තේ විෂුවල් C++ විතරමද?

කොටින්ම කිව්වොත් මෙම ප්‍රශ්ණයට නිවැරදි පිළිතුර විය යුත්තේ “නැත” යන්නයි. එසේ නම් විෂුවල් C++ වැනි වින්ඩෝස් වලට හරියන වෙනත් වැඩසටහන් මොනවාද? මෙයට දිය හැකි කෙටිම පිළිතුර නම් NetBeans වැඩසටහන යි. ඔබ පරිගණක ක්‍රමලේඛන ශිල්පියෙක් නම් ඉබේම මෙය විය නොහැක්කක් යයි සිතේ වි. එසේ සිතීමට සාධාරණ හේතුවක් තිබේ. එනම් NetBeans යනු ප්‍රධාන වශයෙන් Java ක්‍රමලේඛ භාෂාව යොදාගෙන වැඩසටහන් ලිවීම පහසු කරවන IDE එකක් නිසයි. නමුත් NetBeans 6.5 හි සිට C++ මෘදුකාංග නිර්මාණය කිරීමටත් NetBeans පහසුකම් සපයයි.
ඔබ දැනටමත් නවීන Linux මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නේ නම් කළ යුත්තේ C++ සහිතව NetBeans IDE එක තම පරිගණකයට ස්ථාපනය කර ගැනීම පමණි.



ඉන්පසු කළ යුත්තේ සුපුරුදු පරිදි File මෙනුවෙන් New Project තෝරා එහි Categories යටතේ ඇති C/C++ සලකුණු කර, Projects යටතේ ඇති C/C++ Application තෝරා , Next button එක සලකුණු කර, ඉන් පසුව ලැබෙන dialogue box එකේ දී තමන්ගේ Project එකට නමක් දී C++ programs ලිවීම අරම්භ කිරීමයි.



( මා විසින් ඉහතින් සදහන් කළ තොරතුරු වින්ඩෝස් වල දීද NetBeans මගින් C++ Application එකක් සකස් කිරීමේදී වලංගු වේ. )

දැන් ඔබ බලන්න ඇති වින්ඩෝස් වලින් මේක කරන්නෙ කොහොමද කියල. පුරුදු විදියටම NetBeans, C++ , සමගින් වින්ඩෝස් වල ස්ථාපනය කරගන්න. නමුත් මෙහිදී Linux වල පරිදි එක සැරේටම C++ වලින් programs ලිවීම ආරම්භ කළ නොහැක. එසේ කළ නොහැක්කේ වින්ඩෝස් තුලදී ඔබ ලියූ C++ ක්‍රමලේඛ compile කිරීමට compiler එකක් නොමැති වීම නිසයි. එහෙනම් අපට Windows වලට අමුතුවෙන් ම පරිගණකයේ C++ programs compile කිරීමට compiler එකක් ස්ථාපනය කර ගත යුතුය. එයත් හරිම පහසු කාර්‍යයකි. වින්ඩෝස් සදහා GNU වර්ගයේ compilers බොහොමයක් අන්තර්ජාලය ඔස්සේ භාගත කරගෙන ස්ථාපනය කර ගත හැක. Linux වලදී නම් අපට අමුතුවෙන් compiler එකක් ස්ථාපනය කර ගැනීමට අවශ්‍ය නොවේ. ඒ Linux මෙහෙයුම් පද්ධතිය තුලම compiler එකක් built in එන නිසයි.
වින්ඩෝස් තුලදී C++ වැඩසටහන් compile කිරීමට ප්‍රසිද්ධ ම compilers වර්ග දෙකක් වන්නේ cygwin හා MinGW ය. (ඔබට අවශ්‍ය නම් මෙම නම් දෙක මත click කර ඔබටත් මෙම compilers දෙකෙන් එකක් භාගත කරගෙන ස්ථාපනය කරගන්න.) මම මගේ වින්ඩෝස් පරිගණකයේ භාවිතා කරන්නේ cygwin compiler එක යි . එම නිසා ඔබද මෙයම භාවිතා කරන්න. MinGW යම් හෙයකින් හාවිතා කිරීමට අවශ්‍ය නම් ඔබට තවත් අමුතුවෙන් MSYS නැමති shell (Linux වල එන terminal එක වැනි එකක්, Windows වල දී නම් command prompt එක වගේ එකක්) එකත් භාගත කරගෙන ස්ථාපනය කිරීමට ඔබට සිදුවේවි.
ඉන්පසු තිබෙන්නේ ටිකක් පරෙස්සමෙන් කළ යුතු කාර්‍යයකි. එනම් තමන්ගේ පරිගණකයේ ඔබ භාගත කරගත් compiler එකට අදාල path variable එක set කර ගැනීමයි. සාමාන්‍යයෙන් ඔබ compiler එක භාගත වී ස්ථාපනය වන්නේ ඔබේ පරිගණකයේ වින්ඩෝස් ස්ථාපනය කර ඇති partition එකේ cygwin නම් folder එක තුල යි.
දැන් ඔබ පරිගණකයේ My Computer රයිට් ක්ලික් කර එහි වම් පස කොනේ ඇති Advanced System Settings මත ක්ලික් කරන්න.

එහිදී විවෘත වන System Properties , dialogue box, එකේ ඇති Advanced ,tab, එක තෝරා එහි ඇති Environment Variables නම් බොත්තම ක්ලික් කරන්න.

එහිදී විවෘත වන Environment Variables ,dialogue box, එකෙහි ඇති System variables තුල path යන්න double click කර Edit System variable, dialogue box, එක ලබා ගන්න.

එය තුල ඇති variable values යටතේ ඔබේ cygwin ෆෝල්ඩරය තුල තිබෙන bin ෆෝල්ඩරයට අදාල location එක (semicolon( ; ) ලකුණක් යෙදීමෙන් පසු) path එක ලෙස ලබාදෙන්න.





මෙහිදී වෙනත් කිසිදු වෙනස් කිරීමක් සිදු නොකිරීමට වග බලා ගන්න.

*****නැවත වාරයක් සදහන් කරන්නේ bin ෆෝල්ඩරයේ location එක ලිවීමට පෙර ඊට කලින් පරිගණකයේ ඇති path variable එක semicolon ( ; ) ලකුණකින් වෙන් කිරීමට අමතක නොකරන ලෙසයි.*****

(Windows NT සදහා path variable එක set කිරීමට, Start/Settings/Control Panel/System/Environment හරහා යන්න.)

අවසානයේ ඔබ NetBeans වලින් C++ ක්‍රමලේඛ ලිවීමට සියළු සුදුසුකම් සපුරා ඇත. දැන් ඔබ සරල C++ වැඩසටහනක් ලියා play බොත්තම ඔබා program එක run කර බලන්න.
Visual C++ මිලදී ගන්නවාට වඩා නිකම් දෙන NetBeans IDE එකෙන් C++ මෘදුකාංග ඔබත් නිර්මාණය කරන්න.
NetBeans IDE එක support කරන්නේ Java හා C++ පමණක් නොවේ. Ruby භාෂාවෙන් ලියන මෘදුකාංග නිර්මාණය සදහාද මෙම IDE එක යොදාගත හැක. Path variable set කිරීමේදී වැඩි දුර විස්තර සදහා NetBeans වෙබ් අඩවියෙන් ලබා දෙන help එක යොදාගන්න.
වරක් compiler එකක් භාගත කරගත් පසු නැවත වරක් එය භාගත කර ගැනීමට අවශ්‍ය නොවේ. ඔබ කළ යුත්තේ එම compiler එක සහිත cygwin ෆෝල්ඩරය copy කරගෙන, ඔබට අවශ්‍ය partition එකක paste කර එහි ඇති bin ෆෝල්ඩරයට අදාලව path variable එකset කිරීම ( මා ඉහත රූප වලින් පෙන්වා දුන් පරිදි ) පමණි. ඔබ යම් දිනක ඔබේ පරිගණකය format කරන්නේ නම් එය සිදු කිරීමට පෙර ඔබේ පරිගණකයේ ඇති cygwin ෆෝල්ඩරය කොපි කර ගැනීම නුවණට හුරුය. මොකද පසුවට එය අවශ්‍යය විය හැකි බැවිනි.

c++ header files කම්පියුටරේ කොතනද තියෙන්නේ?

ඔබ c++ මෘදුකාංග නිර්මාණය කරන්නෙකු නම් ඔබ බොහෝ විට භාවිතයට ගන්නා header file (උදා. iostream,iomanip,cmath,string,cstring.....)එකක methods(functions) බැලීමට සිතී ඇති. නමුත් එය ලිනක්ස් පරිගණකයේ තිබෙන්නේ කොතනද? එය ඔබ සමහර විට නොදන්නවත් ඇති. මම මෙහිදී මෙම files තිබෙන තැන කියන්නම්. එය ඔබේ පරිගණකයේ flieSystem එක තුල usr/include/ යන පාත් එකේ include නම් ෆෝල්ඩරය තුල පිහිටා ඇත. ඔබ නවකයෙක් නම් මෙම ෆයිල් කියවීමට එතරම් පහසු නොවේ. නමුත් මෙයින් මම දන්නා iomanip හෙඩර් ෆයිල් එක ගෙන කියෙව්වෙමි. එහි setw function එක දිහා බැලූවිට එයට parameters ලෙස යෙදිය යුත්තේ integer value (නිඛිලමය අගයක්) එකක් බව දැකීමෙන් මටත් දැන් header file එකක් කියවීමට පුළුවන් බව අවබෝධ විය. ඔබත් එසේ ඔබ දන්නා header file එකක් කියවා බලන්න.ඔබටත් මෙම ෆයිල් එකක් කියවිය හැකියයි සතුටු වෙන්න.

ලිනක්ස් වල ෆොන්ට්ස් ෆෝල්ඩරයට ෆොන්ට්ස් දාන හැටි.

ලිනක්ස් වල ෆොන්ට්ස් ෆෝල්ඩරයට ෆොන්ට්ස් අතුල් කිරීම වින්ඩෝස් වලදී මෙන් සිදුනොවේ. මීට ප්‍රථම හුග දෙනෙකු නොදන්නා කරුණක් වන්නේ මෙම ෆෝල්ඩරය තිබෙන ස්ථානයයි.

එය තිබෙන්නේ

filesystem එක ඇතුලේ තියෙන usr ෆෝල්ඩරය තුල තිබෙන share ෆෝල්ඩරය තුලයි. මෙම fonts ෆෝල්ඩරයට නිකම්ම ෆොන්ට්ස් paste කළ නොහැක. ඒ සදහා terminal එකක් විවෘත්ත කරගෙන super user/ root විට යුතුය. Super user වීම සදහා සහ ෆොන්ට් එකක් ඉන්ස්ටෝල් කර ගැනීමට පහත පියවර සිදු කරන්න.

1. [MWH@dinusha ~]$ cd ..
2. [MWH@dinusha home]$ cd ..
3. [MWH@dinusha /]$ cd usr
4. [MWH@dinusha usr]$ cd share
5. [MWH@dinusha share]$ cd fonts
6. [MWH@dinusha fonts]$ mkdir myfonts
mkdir: cannot create directory `myfonts': Permission denied
7. [MWH@dinusha fonts]$ su
Password:
8. [root@dinusha fonts]# mkdir myFonts
9. [root@dinusha fonts]# cp /home/MWH/WIJEYA__.TTF ./myFonts
10. [root@dinusha fonts]# mkfontdir && mkfontscale

පළමු පියවරේ සිට පස් වෙනි පියවර තෙක් මා සිදු කර ඇත්තේ මගේ පරිගණකයේ පරිදි fonts ෆෝල්ඩරයට ඇතුල්වීමයි. ඔබත් ඔබේ පරිගණකයේ පරිදි fonts ෆෝල්ඩරයට ඇතුළු වෙන්න.

ඉන්පසු හය වෙනි පියවරේදී මම ෆොන්ට්ස් ෆෝල්ඩරය තුල තවත් ෆොල්ඩරයක් සෑදීමට ගියෙමි. නමුත් එහිදී මට ෆෝල්ඩරයක් සෑදීමට ඉඩ නොදෙයි.

මේ නිසා මම root විම සදහා su (ෆිඩොරවලදී root වීමට su ද උබුන්ටු වලදී root වීමට sudo ද type කළ යුතුයි) ටයිප් කර password:වලදී ඔබගේ root password එක ටයිප් කළ යුතුයි.

ඉන් පසු පරන විදියටම mkdir ටයිප් කර තමන්ගේ ෆොන්ට් එක දැමීමට ෆොල්ඩරයක් සාදා ගන්න (මෙහිදී මම නම් මගේ ෆෝල්ඩරය myFonts ලෙස නම් කරා.) .

ඉන් පසු නමවන පියවරේදි මා සිදුකොට ඇත්තේ මට අවෂ්යන ෆොන්ට් එක තිබෙන තැනින් fonts ෆෝල්ඩරයට මගේ අවෂ්යේ ෆොන්ට් එක කොපි කිරීමයි.

ඉන් පසු දහ වන පියවරේ මෙන් mkfontdir && mkfontscale ටයිප් කිරීමෙන් පසු ඔබේ ෆොන්ට් එක ඔබගේ ලිනක්ස් පද්ධතියේ ස්ථාපනය කර ගැනීම අවසන්වේ.

මෙහිදි ඔබ විමසාවී windows වලදී fonts දැමීමට වෙනනමම උප ෆෝල්ඩර සෑදීමට අවෂ්ය නොවේ කියා. නමුත් ඔබ එම ෆෝල්ඩරයට ගොස් බැළුවොතින් පෙනේවි එහි සියළුම ෆොන්ට්ස් තිබෙන්නේ folders තුල බව එම නිසා මමත් එම සම්ප්ර දායම අනුගමනය කරමින් මගේ ෆොන්ට් එකත් folder එකක් තුලම පිහිටුවා ගත්තෙමි.

සැමට සුභ අළුත් අවුරැද්දක්

ශ්‍රී ලංකා වාසී සැමට සාමයෙන්, සතුටෙන්, සමගියෙන් හා සමාදානයෙන් පිරුනු, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වෙවා.

ඔබ දැනට භාවිතා කරන රැම් මතකය කොපමනදැයි බලමු

මුලින්ම ටර්මිනලය(අග්‍රය) විවෘත්ත කර ගන්න ඉන්පසු එහි free -m යනුවෙන් සටහන්කරන්න.
[-b,-k,-m,-g ඔප්ෂන් මගින් bytes, KB, MB, or GB වලින් ප්‍රතිඵල දැක ගැනීමට ඔබට පුලුවන්.]

ZTE ZXDSL 852 මොඩම් එක ලිනක්ස් වල ස්ථාපනය කර ගනිමු. | Installing ZTE ZXDSL 852 Modem Driver on Linux

බොහෝ අය ලිනක්ස් වල ADSL මොඩම් එකක් ස්ථාපනය කරගැනීමට යාමේදී ගැලපෙන මෘදුකාංග සොයා ගැනීමට නොහැකි වීම නිසා අපහසුතාවයට පත්වේ. නමුත් මම ලංකාවේ බොහෝ පිරිසක් යොදාගන්නා ADSL මොඩමයක් ස්ථාපනය කරගන්නා ආකාරය පිළිබද කියවෙන වෙබ් අඩවි කිහිපයක් සොයාගත්තා.එයින් ඔබ ZTE ZXDSL 852 මොඩම් එකක් යොදා ගනී නම් ඔබගේ පැනයට පිළිතුරු විසදා ගන්න.|Many people face difficulties when finding software to use there ADSL modems on Linux. I found two good sites that explains how to install the most common ADSL modem in SriLanka.

See whether it is useful to you also.

clickhere to view the blogsite or try clickhere site.

ලංකාවේ හන්තාන ලිනක්ස් | Hanthana Linux for Lanka



හන්තාන ලිනක්ස්, ලෝකයේ පලමු සිංහල අතුරු මුහුනත සහිත මෙහෙයුම් පද්ධතියයි. ලංකාවේ දකුණු ප්‍රදේශයේ අම්බලන්ගොඩ ජීවත්වෙන ඩනිෂ්ක නවීන් විසින් මෙම ලිනක්ස් මුල කේනය සහිත මෙහෙයුම් පද්ධතිය නිපදවන ලදී. එය දොරට වැඩීම අම්බලන්ගොඩ ගා\ධර්මාශෝක විද්‍යාලයේදී පසුගිය දිනයකදී සිදුකරන ලදී. | Hanthana Linux first ever OS that has a Sinhala GUI. Made by Danishka Naveen. ලංකාවෙ අපට නම් හන්තාන ලිනක්ස්ම තමයි.

Editing Linux Boot Menu

I have learned to edit boot menu from gedit, in Linux.
It's like this, first open up terminal then type

su -c 'gedit /boot/grub/grub.conf'

After entering the root password I can edit boot menu time from changing the number on "timeout" and I can change default boot OS from changing the number on "default"(If you have a dualboot with Linux distro).


For more info click here

සිංහලෙන් ලිනක්ස් වල ලියමු | Lets type Sinhala on Linux.

මුලින්ම සිංහල කීබෝඩ් එකක් ඉන්ස්ටෝල් කර ගත යුතුයි.

ඒ සදහා
1.terminal එක විවෘත්ත කර ගන්න.
2.ඔබ Fedora 10 හෝ ඊට ඉහල සංස්කරනයක් යොදා ගනී නම්
$ ලකුනෙන් පසුව
su - ටයිප් කරන්න. මෙම විධානයෙන් ෆිඩොරා වල root account එකට යයි.

3.ඉන්පසු yum groupinstall sinhala-support ටයිප් කරන්න.
4.ඉන්පසු රෑට් එකවුන්ට් එකෙන් ඔයාගේ නමින් තිබෙන එකවුන්ට් එකට මාරුවී im-chooser ලෙස ටයිප් කරන්න.
5. ඉන්පසු විවෘත්ත වන ඩයලොග් බොක්ස් එකෙන් input method preferences ක්ලික් කර IMEngine එක තෝරා තමන්ට අවෂ්‍ය භාෂාවන් තෝරා OK කරන්න.
6. පැනල් එකේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ මෙන් කීබෝඩ් එකක් දර්ශනය වෙන බව ඔබට පෙනෙනු ඇත.
7.ඉන් Sinhala>Wijesekara හෝ කැමති පරිදි කීබොඩ් එකක් තේරිමෙන් පසු සිංහලෙන් ටයිප් කිරීම ආරම්භ කළ හැක.

/*yum groupinstall sinhala-support සිදු කරනවිට ඉන්ටනෙට් එකට සම්බන්ද වී සිටිය යුතුයි.*/

For Fedora 10 (Cambridge) and Above (may work on older versions)

1.As root/superuser run:

2.to enter as root in Fedora open terminal and
$su -
Enter your root password. Then you must connect to the internet. then,
$yum groupinstall sinhala-support

3.From your user account (i.e. not root), select and configure the Input Method by running:
$im-chooser

For Ubuntu 8.10 (Intrepid) and Above (may work on older versions)
1.The Universe repository should already be enabled (https://wiki.ubuntu.com/AlwaysEnableUniverseMultiverse). If not, first enable the Universe repository.
2.As root/superuser run:
apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib language-pack-si-base
3.From your user account (i.e. not root) run:
rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s ibus
4.Logout and login again. Environment variables need to be set/updated (NO NEED TO REBOOT).
5.From your user account (i.e. not root) select your keyboard layouts by running:
ibus-setup

For more Info http://sinhala.sourceforge.net/

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes