Latest Entries »

ලිනක්ස් වල Remote Desktop

හුගක් අය වින්ඩෝස් වල එන Remote Desktop එක ගැන අසා ඇති. තවත් අය එය පාචිච්චි කොටද ඇති. නමුත් ලිනක්ස් වලද මෙවැනිම Remote Desktop එකක් තිබෙන බව ඔබ දැන සිටියාද?

සමහර විට නොදැන සිටින්නට පුළුවන. එසේ නම් දැන් අප ලිනක්ස් තුලදී Remote Desktop එක භාවිතා කරන හැටි ඉගෙන ගනිමු.

ප්‍රතමයෙන්ම ඔබ ඔබේ පරිගණකයට IP address එකක් set කර ගත යුතුය. IP address එකක් set කිරීම පිළිබදව මා පලකළ ලිපියට පිවිසීමට මෙම සම්බන්ධකය යොදා ගන්න.



සරලවම ඔබට IP address එකක් set කර ගැනීමට ඉහත ලිපියේ දැක්වෙන ආකාරයටද පුළුවන. නැතහොත් Applications->System Tools හරහා ගොස් terminal එක විවෘත්ත කරගෙන එහි,

ifconfig eth0 192.168.1.1 255.255.255.0

යනුවෙන් සටහන් කිරීම තුලින්ද එය සිදු කර ගත හැක.

දැනටමත් ඔබේ පරිගනකයට ඇතුලත් වී ඇති IP address එකක් ඇත්දැයි බැලීමට terminal එකේ ifconfig යන command එක ලබාදී, පහත රෑපයේ මා දක්වා ඇති අකාරයට සදහන් වී ඇත්තේ ඔබේ පරිගණකයට දැනටමත් සම්බන්ධ වී ඇති IP address එක බලා ගන්න. එසේ නොමැති නම් මම ඉහත සදහන් කළ ආකාර දෙකෙන් එකක් යොදා ගනිමින් ප්‍රතමයෙන් IP address එකක් පරිගණකයේ ස්ථාපනය කර ගන්න.


හරි දැන් System->Preferences හරහා Remote Desktop වෙත පිවිසෙන්න. පහත රෑපයේ දැක්වෙන ආකාරයට සකස් කරගන්න.



ඔබ කැමති password එකක් ලබා දෙන්න.

දැන් මෙහි නිල් පාටින් දිස්වෙන IP address එක මත click කරන්න. එවිට තත්පර කිහිපයකින් Compose Message යනුවෙන් Window එකක් විවෘත්ත වේවි.



එහි ඇති ඔබේ IP address එකත් සමග අවසානය දක්වා ඇති කොටස copy කර ගන්න. (මෙහි ඔබේ IP Address එකෙන් පසුව ::5900 ලෙස ඇත්තේ remote desktop software එක communicate එකන port number එකයි. මෙම ලිපියේ port numbers පිළිබදව පැහැදිලි නොකරමි. එය සරල පාටකයෙකුට අවශ්‍යද නැත.)

ඉන් පසු Applications->Internet හරහා ගොස් Remote Desktop Viewer එක විවෘත්ත කරගෙන එහි වම් පස ඉහලින් ඇති Connect බොත්තම ඔබන්නන.



ඉන්පසු විවෘත්තවෙන window එකේ අර ඉහතින් ඔබ copy කර ගත් port number එකත් සමග ඇති IP Address එක paste කර find බොත්තම ඔබන්න. එවිට password එකක් විමසයි එයට ඔබ කලින් ලබා දුන් password එක ලබා දෙන්න. දැන් Remote Desktop Viewer තුලින් තමන්ගේම desktop එක දිස්වෙන බව වටහා ගන්න.



ඉහතින් සදහන් කලේ ඔබේ පරිගණකයේ සිට නැවත Remote Desktop Viewer හරහා ඔබේ පරිගණකයටම සම්බන්ධවීමයි. ඔබේ පරිගණකයේ සිට වෙනත් පරිගණකයකට සම්බන්ධ වීමට එම පරිගණකයේ IP Address එකත් සමග port number එක ද :: ලකුණු දෙකට පසුව ලබා දිය යුතුයි. මෙහිදී වැදගත් වන්නේ එම පරිගණකයේද port number එක ඔබේ පරිගණකයේ port number එකට සමාන විය යුතු බවයි. මෙහි default port number එක හැම විටම 5900 වන නිසා ඔබට ඒ හැටි port number එක ගැන තැකීමක් කිරීමට අවශ්‍ය වන්නේ නැත. එසේ වෙන්ත් පරිගණකයකට සම්බන්ද වීමට නම් එම පරිගණක දෙක ජාලගත කරගෙන තිබිය යුතුයි. මම මෙම ලිපිය ආරම්භයේදීම සදහන් කර සම්බන්ධකය හරහා ගොස් ඔබට එය සිදු කරගන්නා ආකරයද ඉගෙන ගත හැක.

තවත් ලිපියකින් ලිනක්ස් පරිගණකයේ සිට Remote Desktop Viewer හරහා Windows ඇති පරිගණකයකට සම්බන්ධ වීමටත්, එයින් වැඩ ගැනීමටත් ඉගෙන ගනිමු.

ලිනක්ස් වල සිංහල ස්තාපනය කර ගනිමු



ප්‍රතමයෙන්ම මට කියන්නට අවශ්‍ය වන්නේ මෙම ලිපිය වැදගත් වන්නේ ඔබ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්තාපනය කිරීමේදීම සිංහල භාෂාව ඔබ පරිගනකයේ ස්ථාපනය කරගෙන නැතහොත් පමිණි. මෙම ලිපියයට සමාන ලිපියක් මම මීට බොහෝ කලකට ඉහතදී ඇතුලත් කළ නමුත් එම ලිපිය ඇත්තේ බොහෝ දෙනා තවමත් හුරු පුරුදු නැති terminal එක හරහා සිංහල ස්ථාපනය කර ගන්නා ආකාරය පිළිබදවය. එම ලිපිය කියවීමට මෙම සම්බන්දකය හරහා පිවිසෙන්න.


මෙහිදී මම භාවිතා කරන්නේ System->Administration යටතේ ඇති Add/Remove Software මගින් ලිනක්ස් වලට සිංහල භාෂාව ඇතුලත් කර ගැනීම හා සිංහලෙන් යතුරු ලියනය කිරීම පිළිබදව කියා දීමටයි.

පෙර සදහන් කළ මාර්ගය ඔස්සේ Add/Remove Software වෙත යන්න. එහි ඇති search box එක තුල sinhala යනුවෙන් සදහන් කර find බොත්තම ඔබන්න. (මෙහිදී වම්පස package list එකක් තත්පර කිහිපයක් ගිය පසු දර්ශනය නොවේ නම් නැවත වරක් search box එක තුල sinhala යනුවෙන් පවතින විටදීම find බොත්තම ඔබන්න.)



ඉන්පසු පහත සදහන් පැකේජ පෙල ඉදිරියෙන් ඇති check box එක tick කර Apply බොත්තම ඔබා ඒවා ස්තාපනය කරගන්න.

Sinhala engine for IBus input platform.

Fonts for Sinhala language

Contributed input maps for sinhala

m-17n-db input maps for sinhala

Sinhala support

හරි දැන් ඔබේ ලිනක්ස් පරිගනකයේ සිංහල භාෂාව ස්ථාපනය වී ඇත.

දැන් අපි සිංහලෙන් යතුරුලියනය කරීම කරගන්නා ක්‍රමය සකස් කර ගන්නා ආකාරය බලමු.

ප්‍රතමයෙන් System->Preferences හරහා ගොස් Input Method යන්න විවෘත්ත කරගන්න. ඉන්පසුව රෑපයේ දැක්වෙන ආකාරයේ dialogue-box එකක් විවෘත්ත වේවි.



එහි Enable Input Method යන්න ඉදිරියෙන් ඇති check-box එක මත tick කර Use IBus යන්න මත click කර Input Method යන්න click කරන්න. එවිට පහත රූපයේ පරිදි IBUs Preferences යන dialogue-box එක විවෘත්ත වේවි. එහි Input Method යන tab එක මත click කර select an input method යන drop down menu එක click කරන්න.



එහි Sinhala;Sinhalese->Wijesekara හෝ ඔබ හදුනන සිංහල keyboard එකක select කරගන්න. ඉන්පසු Add බොත්තම ඔබන්න. හරි දැන් වැඩේ හරි. ඔබේ desktop එකේ පහත දැක්වෙන ආකාරයේ අයිකනයක් පැමිණ ඇතිබව වටහා ගන්න.



දැන් ඔබ, ඔබේ user account එකෙන් logout වී නැවතත් login වෙන්න. දැන් Open Office Writer වැනි මෘදුකාංගයක් විවෘත්ත කරගෙන Ctrl+space යතුරු දෙක එකවිට එබීමෙන් සිංහල යතුරුලියනය සක්‍රීය කර ගත හැක. නැවත English වලට මාරු වීමට එම යතුරුම ඔබන්න.

දැන් ඔබත් පහසුවෙන් ලිනක්ස් වල සිට සිංහලෙන් අකුරු ලියන්න.

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes