ලිනකස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන සාමාන්‍ය පරිෂීලකයාට තිබෙන අපහසුතා අතුරෙන් එකක් නම් තමන් කැමති video ෆයිල් වර්ගයක් ලිනක්ස් වල play කර ගැනීමේ අපහසුතාවයයි. නමුත් Kplayer මෘදුකාංයෙන් මෙම අපහසුතාවය මගහරවා ගත හැක. මෙම player එක මගින් අප සාමාන්‍යතායෙන් භාවිතා කරන flv, mpg, mp4, wmv වැනි ඕනෑම video format එකක files play කර ගත හැකිය.
මෙම player එක පරිගනකයේ ස්ථාපනය කර ගැනීමටද වැඩි දැනුමක් අවශ්‍ය නැත.
නමුත් මෙය භාගත කර ගැනමට internet සම්බන්දතාවය අවශ්‍ය වේ.
ඔබ gnome desktop එක භවිතා කරයි නම් system->Administration->Add/Remove Software යටතේ විවෘත්ත වන වින්ඩෝවේ Kplayer යනුවෙන් search කර එම පැකේජය පද්ධතියේ ස්ථාපනය කරගන්න. එය සිදුකිරීම සිංදුවක් අසන තරමටම පහසුවේ. Player එක ගැන තව දුරටත් ඉගෙනීමට එහි help එක භාවිතා කරන්න.
වැඩිදුර ඉගෙනීමට MPlayer Documentation එක කියවන්න.
Latest Entries »
ඔබ කැමති Video Formats Play කිරීමට KPlayer
Subscribe to:
Post Comments (Atom)
වැඩක් නැහැ නේ, යුනිකේත උපසිරැසි බලන්න බැහැ. මට තාම ඒකට ලැබුනේ totem විතරයි. හැබැයි, ඒකේ ඔය හැම වර්ගයේ ම දෙයක් දුවන්නේ නැහැ. උදාහරණයකට mkv ඒකේ යන්නේ නැහැ. හැබැයි, kplayer එකෙ mkv යනවා නමුත් සිංහල උප සිරැසි යන්නේ නැහැ. කෙසේ නමුත් ලිනක්ස් එක්කම තමයි පොරකාලා මේක බලන්නෙත්. ලිනක්ස් දිනේවා. ජය වේවා.
ReplyDeleteමගේ "ලිනක්ස් පහසු කර ගනිමු" බ්ලොග් අඩවියේ පළමු Comment එකක් දැමු පුද්ගලයාට ප්‍රථමයෙන්ම මම මගේ කෘතඥතාව පළ කරමි.
ReplyDeleteඇත්තටම Kplayer site එකේ, මම දැකපු විදියට, ඒක Develop කිරීම අතඇරල දාල වගේ තියෙන්නෙ. පාවිච්චි කරනකොට තේරේවි එකේ Bugs ගොඩක් තියනව කියල. නමුත් අවම අවශ්‍යතාවයටත් වඩා එය සපුරනව නේද?
MPlayer එක ඔබ භාවිතා කරනවද?
හැබැයි ඒක නම් දුවන්නෙ Command line එකෙන් තමයි. මම ඒක ගැන පසුවට Post එකක් දාන්නම්.