Latest Entries »

වින්ඩෝස් වලින් C++ වැඩසටහන් ලිවීමට ඇත්තේ විෂුවල් C++ විතරමද?

කොටින්ම කිව්වොත් මෙම ප්‍රශ්ණයට නිවැරදි පිළිතුර විය යුත්තේ “නැත” යන්නයි. එසේ නම් විෂුවල් C++ වැනි වින්ඩෝස් වලට හරියන වෙනත් වැඩසටහන් මොනවාද? මෙයට දිය හැකි කෙටිම පිළිතුර නම් NetBeans වැඩසටහන යි. ඔබ පරිගණක ක්‍රමලේඛන ශිල්පියෙක් නම් ඉබේම මෙය විය නොහැක්කක් යයි සිතේ වි. එසේ සිතීමට සාධාරණ හේතුවක් තිබේ. එනම් NetBeans යනු ප්‍රධාන වශයෙන් Java ක්‍රමලේඛ භාෂාව යොදාගෙන වැඩසටහන් ලිවීම පහසු කරවන IDE එකක් නිසයි. නමුත් NetBeans 6.5 හි සිට C++ මෘදුකාංග නිර්මාණය කිරීමටත් NetBeans පහසුකම් සපයයි.
ඔබ දැනටමත් නවීන Linux මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නේ නම් කළ යුත්තේ C++ සහිතව NetBeans IDE එක තම පරිගණකයට ස්ථාපනය කර ගැනීම පමණි.



ඉන්පසු කළ යුත්තේ සුපුරුදු පරිදි File මෙනුවෙන් New Project තෝරා එහි Categories යටතේ ඇති C/C++ සලකුණු කර, Projects යටතේ ඇති C/C++ Application තෝරා , Next button එක සලකුණු කර, ඉන් පසුව ලැබෙන dialogue box එකේ දී තමන්ගේ Project එකට නමක් දී C++ programs ලිවීම අරම්භ කිරීමයි.



( මා විසින් ඉහතින් සදහන් කළ තොරතුරු වින්ඩෝස් වල දීද NetBeans මගින් C++ Application එකක් සකස් කිරීමේදී වලංගු වේ. )

දැන් ඔබ බලන්න ඇති වින්ඩෝස් වලින් මේක කරන්නෙ කොහොමද කියල. පුරුදු විදියටම NetBeans, C++ , සමගින් වින්ඩෝස් වල ස්ථාපනය කරගන්න. නමුත් මෙහිදී Linux වල පරිදි එක සැරේටම C++ වලින් programs ලිවීම ආරම්භ කළ නොහැක. එසේ කළ නොහැක්කේ වින්ඩෝස් තුලදී ඔබ ලියූ C++ ක්‍රමලේඛ compile කිරීමට compiler එකක් නොමැති වීම නිසයි. එහෙනම් අපට Windows වලට අමුතුවෙන් ම පරිගණකයේ C++ programs compile කිරීමට compiler එකක් ස්ථාපනය කර ගත යුතුය. එයත් හරිම පහසු කාර්‍යයකි. වින්ඩෝස් සදහා GNU වර්ගයේ compilers බොහොමයක් අන්තර්ජාලය ඔස්සේ භාගත කරගෙන ස්ථාපනය කර ගත හැක. Linux වලදී නම් අපට අමුතුවෙන් compiler එකක් ස්ථාපනය කර ගැනීමට අවශ්‍ය නොවේ. ඒ Linux මෙහෙයුම් පද්ධතිය තුලම compiler එකක් built in එන නිසයි.
වින්ඩෝස් තුලදී C++ වැඩසටහන් compile කිරීමට ප්‍රසිද්ධ ම compilers වර්ග දෙකක් වන්නේ cygwin හා MinGW ය. (ඔබට අවශ්‍ය නම් මෙම නම් දෙක මත click කර ඔබටත් මෙම compilers දෙකෙන් එකක් භාගත කරගෙන ස්ථාපනය කරගන්න.) මම මගේ වින්ඩෝස් පරිගණකයේ භාවිතා කරන්නේ cygwin compiler එක යි . එම නිසා ඔබද මෙයම භාවිතා කරන්න. MinGW යම් හෙයකින් හාවිතා කිරීමට අවශ්‍ය නම් ඔබට තවත් අමුතුවෙන් MSYS නැමති shell (Linux වල එන terminal එක වැනි එකක්, Windows වල දී නම් command prompt එක වගේ එකක්) එකත් භාගත කරගෙන ස්ථාපනය කිරීමට ඔබට සිදුවේවි.
ඉන්පසු තිබෙන්නේ ටිකක් පරෙස්සමෙන් කළ යුතු කාර්‍යයකි. එනම් තමන්ගේ පරිගණකයේ ඔබ භාගත කරගත් compiler එකට අදාල path variable එක set කර ගැනීමයි. සාමාන්‍යයෙන් ඔබ compiler එක භාගත වී ස්ථාපනය වන්නේ ඔබේ පරිගණකයේ වින්ඩෝස් ස්ථාපනය කර ඇති partition එකේ cygwin නම් folder එක තුල යි.
දැන් ඔබ පරිගණකයේ My Computer රයිට් ක්ලික් කර එහි වම් පස කොනේ ඇති Advanced System Settings මත ක්ලික් කරන්න.

එහිදී විවෘත වන System Properties , dialogue box, එකේ ඇති Advanced ,tab, එක තෝරා එහි ඇති Environment Variables නම් බොත්තම ක්ලික් කරන්න.

එහිදී විවෘත වන Environment Variables ,dialogue box, එකෙහි ඇති System variables තුල path යන්න double click කර Edit System variable, dialogue box, එක ලබා ගන්න.

එය තුල ඇති variable values යටතේ ඔබේ cygwin ෆෝල්ඩරය තුල තිබෙන bin ෆෝල්ඩරයට අදාල location එක (semicolon( ; ) ලකුණක් යෙදීමෙන් පසු) path එක ලෙස ලබාදෙන්න.





මෙහිදී වෙනත් කිසිදු වෙනස් කිරීමක් සිදු නොකිරීමට වග බලා ගන්න.

*****නැවත වාරයක් සදහන් කරන්නේ bin ෆෝල්ඩරයේ location එක ලිවීමට පෙර ඊට කලින් පරිගණකයේ ඇති path variable එක semicolon ( ; ) ලකුණකින් වෙන් කිරීමට අමතක නොකරන ලෙසයි.*****

(Windows NT සදහා path variable එක set කිරීමට, Start/Settings/Control Panel/System/Environment හරහා යන්න.)

අවසානයේ ඔබ NetBeans වලින් C++ ක්‍රමලේඛ ලිවීමට සියළු සුදුසුකම් සපුරා ඇත. දැන් ඔබ සරල C++ වැඩසටහනක් ලියා play බොත්තම ඔබා program එක run කර බලන්න.
Visual C++ මිලදී ගන්නවාට වඩා නිකම් දෙන NetBeans IDE එකෙන් C++ මෘදුකාංග ඔබත් නිර්මාණය කරන්න.
NetBeans IDE එක support කරන්නේ Java හා C++ පමණක් නොවේ. Ruby භාෂාවෙන් ලියන මෘදුකාංග නිර්මාණය සදහාද මෙම IDE එක යොදාගත හැක. Path variable set කිරීමේදී වැඩි දුර විස්තර සදහා NetBeans වෙබ් අඩවියෙන් ලබා දෙන help එක යොදාගන්න.
වරක් compiler එකක් භාගත කරගත් පසු නැවත වරක් එය භාගත කර ගැනීමට අවශ්‍ය නොවේ. ඔබ කළ යුත්තේ එම compiler එක සහිත cygwin ෆෝල්ඩරය copy කරගෙන, ඔබට අවශ්‍ය partition එකක paste කර එහි ඇති bin ෆෝල්ඩරයට අදාලව path variable එකset කිරීම ( මා ඉහත රූප වලින් පෙන්වා දුන් පරිදි ) පමණි. ඔබ යම් දිනක ඔබේ පරිගණකය format කරන්නේ නම් එය සිදු කිරීමට පෙර ඔබේ පරිගණකයේ ඇති cygwin ෆෝල්ඩරය කොපි කර ගැනීම නුවණට හුරුය. මොකද පසුවට එය අවශ්‍යය විය හැකි බැවිනි.

0 යි අදහස්:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes