Latest Entries »

64-bit ද? 32-bit ද?

ඇත්තටම මේ අංක දෙක පරිගණක වල processor architecture (සැකැස්ම) එකට සම්බන්ධ වූවකි. දැන් වෙලද පොලට එන , අළුත්, නමුත් සියට අනූ නවයක්ම processor වර්ග මෙම 64-bit සැකැස්ම අනුව සකස් කළ ප්‍රොසෙසර වේ (උදා:-intel CoretoDuo, intel ix, AMD AthlonX2). 64-bitට අමතරව පෙර තිබු processor architecture වර්ග කිහිපයක් නම් 32-bit(x86),16-bit , 8-bitවේ.



තවමත් පරිගණක වැඩ සටහන් පාවිච්චි කිරීමේදී බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නේ එම වැඩ සටහන එම ප්‍රෙසෙසරයේ architecture එකට අනුව සකස් කර තිබිය යුතුය යන්නයි. නැතිනම් එම වැඩ සටහන එම පරිගනකයේ ක්‍රියාත්මක නොවේ. එහෙත් ඔබට 64-bit සැකැස්මට අනුව සකස් කළ processor එකක් සහිත පරිගණකයට ඊට පහල සැකැස්මකට අනුව සකස් කළ මෘදුකාංග වර්ග ස්ථාපනය කර ගත හැක.


මෙම 64-bit සැකැස්ම ඇති processor වර්ග වල ඇති ප්‍රධානම අංගය වන්නෙ පරිගණකය තුලින් යම් කසි කාර්යයක් සිදු කර ගෑනීමට ගතවන කාලය අවම වීමයි. මේ නිසා 64-bit සැකැස්ම අනුව නිර්මානය කළ මෘදුකාංග වර්ග දැන් මෙහෙයුම් පද්ධතිවර්ග වල සිට සරල පිටු සැකසුම් මෘදුකාංග දක්වා ඇත. නමුත් ඔබට 32-bit architecture එකට අනුව සකස් කළ processor වර්ග ඇති පරිගණකයකට 64-bit architecture එකට සකස් කළ මාදුකාංග වර්ග ස්ථාපනය කිරීම කළ නොහැක.

64-bit මාදුකාංග ආරකෂාව අතින්ද ඉහලය. 32-bit මෙහෙයුම් පද්ධතියකට වඩා 64-bit මෙහෙයුම් පද්ධතියකට වෛරස මගින් එල්ලවන තර්ජන බොහෝ අඩුය. කිමද බොහෝ වෛරස් වර්ග නිපදවා තිබෙන්නේ 32-bit මෙහෙයුම් පද්ධතිවල සිට බැවිනි.


ඔබත් ඔබේ processor එක 64-bit සැකැස්ම අනුව සැකසූවක් නම් එයට අනුව සකස් කළ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ගන්න.


ඊට අමතරව සදහන් කළ යුතු වන්නේ ඔබේ පරිගණකයට 4GB තරම් වත් ram මතකයක් තිබේ නම් එය 64-bit වලින් වැඩකරන මෘදුකාංග සදහා යෝග්‍ය බවයි. නමුත් මෙය අවශ්‍යමත් නැත.

7 comments:

  1. ayya amd turionx2...yatin 64 gahala tiyenne 64- bit da??

    ReplyDelete
  2. ඔව්.

    AMD Turion is the brand name AMD applies to its 64-bit low-power consumption (mobile) processors codenamed K8L. The Turion 64 and Turion 64 X2/Ultra processors compete with Intel's mobile processors, initially the Pentium M and currently the Intel Core and Intel Core 2 processors.[wikipedia]

    ReplyDelete
  3. මට පුලුවන් නම් කියල දෙන්න Intel Duel Core සහ Core 2 Duo අතර තියන වෙනස

    ReplyDelete
  4. Core 2 Duo යනු Dual Core එකට පස්සේ ආපු core 2 ක් තියෙන processor බලකායෙ අළුත් එක. ඒ කියන්නෙ ඉස්සර Pentium 1,2,3,4 ආව වගේ Dual Core වලට පස්සෙ ආවෙ Core 2 Duo processor එක.

    Dual Core processors, speed වර්ග දෙකකින් ආව.
    E2140 1.6 GHz,E2160 1.8 GHz
    Core 2 Duo Processors, Dual Coreට වඩා වැඩි speed වලින් ආව.
    මේ processor වර්ග දෙකම එක් තාකෂණයක්(architecture called “Core”) භාවිතා කර පහල මට්ටමේ (ground level) සිට නිපදවූ ඒවාවේ.

    ඇත්තටම මෙහි නමේ අර්තයෙන් processor එකක් තුල processor දෙකක් ඇති මෙන් හැගුනාට එය එසේ නොවේ. එනම් ඒවා තුල එක ලග Dual හෝ Core 2 වෙන්න processors දෙකක් මූට්ටු කර නැත.
    නමුත් Pentium D නම් processor එකේ Prescott Processors දෙකක් එක ලග සවිකර තිබේ.

    කොටින්ම කිව්වොත් Dual Core Processor එකද 64-bit වේ.

    References
    http://www.chotocheeta.com/2007/09/01/difference-between-intel-core-2-duo-vs-intel-dual-core-vs-intel-pentium-d/

    ReplyDelete
  5. podi prashnayak mage thiyenne VIA PC1 PC2500 board 1k eke drivers linux wala danne kohomada kiyala danna maara upset 1 mage emai 1 itlakshitha@gmail.com puluwannam dana widiya email karanawada...

    ReplyDelete
  6. මම ගත්තා අලුත්ම ඒ එම් ඩී ඒ6 වර්ගයේ ලැප්ටප් එකක්...ඒකෙ ආකි එකේ වෙනසද්ද මන්දා ටිකක් ස්ලෝ ගතියක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හරියටම කියන්න අමාරුයි.

      Delete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes