Latest Entries »

Server කියන්නෙ මොහොකටද?


බොහෝ දෙනා අසා ඇති එහෙත් බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට අපහසු වචනයක් වන්නේ පරිගණක server යන වචනයේ අර්තයයි. අන්තර්ජාලය භාවිතා කරන බොහෝ අය මෙම වචනය අසා ඇතුවාට කිසිදු සැකයක් නැත.

ඇත්තටම මොකක්ද මේ සර්වර්?

සර්වර් යන්න පැහැදිලි කර ගැනීමට එතරම් අපහසු නැත. කිමද මෙම ඉංග්‍රීසි වචනයේ අර්තයෙන්ම එහි තේරුම ගත හැකි බැවිනි.

සර්වරයක් යනු සරළ ලෙස ගත්තොත් පරිගණකයකි. ඔව් එය පරිගණකයකි. උදාහරණයක් ලෙසට දැනට මේ ලිපිය කියවන ඔබේ පරිගණකයටද සර්වරයක් බවට පත් විය හැක.

දැන් server යන ඉංග්‍රීසි වචනයේ අර්තය ගනිමු.

server යන පදයේ අර්තය කොටින්ම කිව්වොත් “ලබාදෙන්නා” යන්නයි.

“පරිගණක සර්වරයක්” යනු යම්කිසි පරිගණකයක්, එම පරිගණකය, තුළ ඇති සේවාවක් වෙනත් පරිගණකයකට ලබාදෙන උපකරණයකි.

මා මෙහි විශේෂයෙන් උපකරණයක් ලෙස සදහන් කර ඇතත්, ඇත්ත වශයෙන්ම ගත හොත් මෙම “උපකරණය” යනු තවත් එක් සාමාන්‍ය පරිගණකයකි.

මෙය ඔබ එදිනෙදා ජීවිතයේදී යොදාගන්නා පරිගණකය විය හැක. දැනට පවතින තාකෂණයේ දියුණුව සමග සලකා බලද්දී අතේ ගෙන යන ඔබේ ජංගම දුරකතනයටද සර්වරයක් බවට පත්කළ හැක.

උදාහරණයක් මගින් තවදුරටත් සර්වර් යන්නෙහි අර්තය පැහැදිලි කරගන්න. මා මෙය හදුන්වන්නේ රජයේ සේවක උදාහරණය යනුවෙනුයි.

ඔබ සැවොම රජයේ සේවක යන්නෙහි අර්තය දනී. එනම් පොදු මහජනතාවට සේවය කිරීමට බැදී සිටින තැනැත්තා අප හදුන්වන්නේ රජයේ සේවකයා යනුවෙනුයි. එනම්,
මිනිසුන්ට යම් සේවයක් ලබා දීමට සැදීපැහැදී සිටිනා තවත් එවැනිම මිනිහෙක්
පරිගණක සර්වරයත් එසේමයි.

යම් පරිගණකයකට මුද්‍රණ යන්ත්‍රයක් සම්බන්දව ඇතැයි සිතන්න. පරිගණකයෙන් මුද්‍රණ කටයුතු කර දීම එම පරිගණකයෙන් කරන සේවාවකි. ඔබ නිවසේ තවත් පර්ගණක කිහිපයක් ඇතැයි සිතන්න ඔබ එවා ජාල ගත කර ඇත. එහි එක් පරිගණකයකට මම පෙර කීවාසේ මුද්‍රණ යන්ත්‍රය සවිකර ඇත. ඔබ වෙනත් පරිගණක වලට එම මුද්‍රණ යන්ත්‍රය පාවිච්චි කරන්නට ඉඩ ලබා දී ඇතැයි සිතන්න.

සරලව ගතහොත් ඔබ එම මුද්‍රණ යන්ත්‍රය සියළු පරිගණක සදහා හවුලේ (share කර) තබා ඇත. එසේනම් ඔබ වෙනත් පරිගණකයක සිට ලිපිය මුද්‍රණය කරීමට, ඔබ සිදු කරන්නේ, ඔබ වැඩ කරනා පරිගණකයේ සිට එම හවුලේ තබා ගත් මුද්‍රණ යන්ත්‍රය තෝරා එමගින් පිටපත මුද්‍රණය කරවා ගැනීමය.

දැන් අප මෙම මුද්‍රණ යන්ත්‍රය සම්බන්ද කොට තැබූ පරිගණකය සලකමු. එම පරිගණකය මගින් වෙනත් පරිගණකයකට මුද්‍රණ කටයුතු කරදීමේ සේවාව පවත්වාගෙන යයි. එයට සර්වරයක් යයි කියනු ලැබේ.

දැන් ඔබේ නිවසේ අන්තර්ජාලයට සම්බන්ද පරිගණකයක් ඇතැයි සිතන්න. ඔබ අන්තර්ජාල පහසු කම එම පරිගණකය හරහා වෙනත් පරිගණකයකට ලබා දීමට අදහස් කර ඇතයි සිතන්න. එසේ නම් එම අන්තර්ජාලයට සම්බන්ද පරිගණකයද සර්වරයක් බවට පත්වී ඇත. එනම් අන්තර්ජාලය වෙනත් පරිගණක වලට ලබාදීමේ සේවාව එම පරිගණකයෙන් සිදුවන නිසාය.

ඔබ දැන් මේ කියවන ලිපිය ලබාදෙන්නේද සර්වර් පරිගණකයකිනි. එනම් එම පරිගණකයෙන් සිදුකරන්නේ ඔබ වෙබ් බ්‍රව්සරයක් හරහා ඉල්ලූ වෙබ් පිටුව ඔබ වෙත ලබාදීමයි. මෙවැනි පරිගණකයකට විශේෂයෙන් web server එකක් යයි කියයි.

එසේ නම් දැන් ඔබට සර්වරයක් යනු කුමක්දැයි සරලව පැහැදිලි වුවා කියා සිතමි.

11 comments:

  1. Great post machan! Every webmaster should know what is a server before setting up a web site! :D

    ReplyDelete
  2. Thank you for your comments Pubudu.
    Many people don't understand what a server is you know.
    Even though computer related professionals know about this, but others?
    They don't know.
    I tried to give Knowledge to those people.

    ReplyDelete
  3. Thanks for explaining in simple words to those who are not IT professionals,

    ReplyDelete
  4. හොඳ පැහැදිලි කිරීමක්.....

    ReplyDelete
  5. හැමෝගෙම අදහස් වලට ස්තූතියි.

    ReplyDelete
  6. niyamai machan kiyala wadak na

    ReplyDelete
  7. හොද වැදගත් ලිපියක්;

    ReplyDelete
  8. යම් පැහැදිලි වීමක් ලැබුනා ස්තූතියි...

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes