Latest Entries »

How to Install Lost Ubuntu Bootloader Using Boot-Repair

ලිනක්ස් පාවිච්චි කරන හුගක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ අයගෙ machine එකට අළුතෙන් Windows දැම්ම‍ට පස්සෙ bootloader එක නැති වෙලා යන එක. ඔයා පාවිච්චි කරන්නෙ Ubuntu නම්, නැතිවෙලා ගිය bootloader එක ආයෙමත් install කරන්න පුළුවන්. හැබැයි ඒකට Ubuntu Live CD එකකුයි Internet එකයි අවශ්‍යයි. හරි දැන් අපි bootloader එක install කර ගන්නෙ කොහොමද කියල බලමු.

- මුලින් ම ඔයාගෙ computer එක Ubuntu live-CD එක දාල boot කර ගන්න.
- "Try Ubuntu" මත Enter කරන්න.
- Internet connect වෙන්න.
- Terminal එක open කර ගෙන පහත commands type කරන්න.

sudo add-apt-repository ppa:yannubuntu/boot-repair && sudo apt-get update 
sudo apt-get install -y boot-repair && boot-repair 

හරි ඊලගට තියෙන්නෙ අපි Install කරපු Boot-Repair program එක open කර ගන්න එක. ඒ සදහා terminal එක open කරල පහත command එක type කරන්න.
boot-repair 

හරි එතකොට ඔයාට ඔය උඩ තියෙන විදියට program එක open වේවි. ඊලගට කරන්න තියෙන්නෙ ඔය "Recommended repair" කියන button එක ඔබන එක විතරයි. ඊලගට repair එක ඉවර උනාට පස්සෙ paste.ubuntu.com/XXXXX විදියට එන URL ලියා ගන්න. ඊලගට computer එක restart කරන්න. මේ ටික කරලත් ඔයාලගෙ වැඩේ හරි ගියෙ නැත්නම් අර කලින් ලියාගත්ත URL එක forum එකකට දාල බලන්න.

References
https://help.ubuntu.com/community/Boot-Repair

4 comments:

  1. සහෘදයානෙනි...අපි ලිනක්ස් ගැන කුඩා කතාබයක් පවත්වාගෙන යනවා මනුපොත තුල...
    https://www.facebook.com/groups/omglinux/

    ඔබටත් හැකිනම් දායක වෙන්න...

    ReplyDelete
  2. හැමදම වගේ ගොඩක් වැදගත් මචං...පින් ..

    හැමෝම
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  3. Just realised that you have written this about a week ago.
    Same problem happened to me today morning and I had to used Boot-Repair to fix it. But I had to search on the web a lot to find this tool. I wish I saw this blog post early :) Then I wouldn't have to waste time searching the solution. Anyway thanks for sharing this.

    ReplyDelete
    Replies
    1. Now you know how to do it, don't you? That's what matters after all...

      Delete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes