Latest Entries »

Windows default වෙන විදියට Ubuntu bootloader එක හදන්නෙ කොහොමද?

මේ සදහා ක්‍රම දෙකක් තියෙනව. ඒ ක්‍රම දෙකටම grub file එක වෙනස් කළ යුතුයි. ඒ ක්‍රම දෙක තමයි

  • shut down කරන්න කලින් පාවිච්චි කරපු OS එක boot වෙන්න දෙන එක හෙවත් "saved" method එක.
  • හැම වෙලාවෙම එක OS එකක් default විදියට තැබීම.

මුලින්ම අපි සොයා ගන්න ඕනෙ මොන OS ද අපේ bootloader එකේ තියෙන්නෙ කියල. ඒ සදහා terminal එක open කරගෙන පහත command එක type කරන්න.

grep menuentry /boot/grub/grub.cfg


ඉතින් ඔයාගෙ computer එකේ OS ගොඩක් තියෙනවනම් කරන්න තියෙන්නෙ "saved method" එක යොදා ගන්න එක. මම වගේ :)

හොදයි මුලින්ම "saved method" එක ගැන කතා කරමු. grub boot configuration file එක open කරගන්න පහත command එක terminal එකේ type කරන්න. අවශ්‍ය උනොත් password එකත් දෙන්න.

sudo gedit /etc/default/grub

එහිදි ඒ file එක gedit එකෙ හරහා open වේවි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ හරි පොඩි දෙයයි. ඔයා පාවිච්චි කරන්න කැමති "saved method" එක නම් ඒ file එකේ තියෙ GRUB_DEFAULT කියන තැන සමාන ලකුන ඉස්සරහින් saved කියල type කරන්න.

GRUB_DEFAULT=saved

ඊට පස්සෙ පහත line එකත් ඇතුලත් කරන්න.

GRUB_SAVEDEFAULT=true

ඔය ඉහලින් විස්තර කරේ "saved method" යොදා ගන්න විදිය. ඔයාට ඔනෙ හැම වෙලාවෙම එකම OS එකක් default විදියට තියා ගන්න නම් කරන්න තියෙන්නෙ මම අර මුලින්ම අරගත්තු grep ... output එකේ තිබුන OS එකක නමක් copy කරගෙන ඒ නම් GRUB_DEFAULT එකට දෙන එක විතරයි. හැබැයි ඒ නම "" ලකුනු අතර type කළ යුතුයි.

GRUB_DEFAULT="Windows NT/2000/XP (loader) (on /dev/sda1)"


වැදගත්ම අන්තිම පියවර

ඔයා grub configuration file එක වෙනස් කරාට පස්සෙ ඒක save කරල gedit editor එක close කරන්න. ඊට පස්සෙ terminal එක open කරගෙන පහත command එක දෙන්න. password එක ඇහුවොත් ඒකත් දෙනන.

sudo update-grub

හරි දැන් වැඩේ හරි ඔයා computer එක restart කරල බලන්න.

references

http://askubuntu.com/questions/52963/how-do-i-set-windows-to-boot-as-the-default-in-the-boot-loader

8 comments:

  1. නියමයි සුපිරි සුපිරි දිගටම හොද එව්වම දෙන්න සුබ පැතුම්
    http://newhitgames.blogspot.com

    ReplyDelete
  2. හොද ලිපියක්.
    පුලුවන් නම් සිංහල යුනිකෝඩ් ගූගල් ක්‍රොම් හරි ක්‍රෝමියම් බ්‍රවුසර් එකේ හරියට දාගන්න එක ගැනත් ලිපියක් දාන්න.
    ජය!

    ReplyDelete
    Replies
    1. Thanks. Chrome Browser එකේ සිංහල unicode අවුලක් තියෙනව.ඒක හරි ගස්සන විදිහක් නම් මම දන්නෙ නැහැ. ඒ නිසා මම පාවිච්චි කරන්නෙ Firefox. ඒකෙ හරියට සිංහල පෙනෙනව.

      Delete
  3. වැදගත් ලිපියක් මෙලන්ග. වටිනවා...

    ReplyDelete
  4. හන්තාන ලිනස් වලටත් මෙහෙම පුළුවන් ඇති නේද

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes