Latest Entries »

ලිනක්ස් වල අපට අවශ්‍ය මෘදුකාංගයක් කේතවල සිට compile කරගනිමු

මුලින්ම කියන්න තියෙන්නේ මෙම ක්‍රියාව සම්පුර්ණයෙන්ම සිදුකරගනු ලබන්නේ තමන්ගේ ලිනක්ස් සංස්කරනයේ ඇති terminal එක හරහායි. මුලින්ම ඔබට අවශ්‍ය මෘදුකාංගයක source code එක download කර ගත යුතුයි. මෙහිදී ඔබට අවශ්‍ය කරන මෘදුකාංගය සහිත වෙබ් අඩවියට ගොස් එහි ඇති download වැනි ස්ථානයකින් තමන්ගේ source code file එක මුලින්ම බාගතකරගන්න. ඉන්පසු භාගත කරගත් ස්ථානයට ගොස් එය tar.gz වැනි ආකරයට තිබේනම් (tar.gz යනු zip/rar වැනි ස්මපීඩිත ෆයිල් වර්ගයකි) එම ෆයිල් එක මත right click කර එය extract කර ගන්න. ඉන් පසු terminal එකෙන්, cd, command එක හරහා තමන් extract කර ගත් file එක තිබෙන ස්ථනයට යන්න. cd command එක ගැන ඉගෙනීමට මේ සම්බන්ධකය හරහා යන්න. මුලින්ම terminal එක වීවෘත්ත කරගෙන එහි su command එක මගින් ඔබේ root password එක ඇතුලත් කර root (වින්ඩෝස් වල administrator) වී පහත පියවර අනුගමනය කරන්න.

1. `cd' command එක යොදා ගනිමින් terminal එක හරහා ඔබ extract කර ගත් directory එක තුලට යන්න. cd command එක ගැන ඉගෙනීමට මේ සම්බන්ධකය හරහා යන්න.

2. `./configure` යනුවෙන් type කරන්න. මෙහිදී වැඩකටයුතු සිදුවී හමාර වීමට යම්කිසි කාලයක් ගතවේවි ඒ අතර තුර terminal එකේ සමහර පණිවිඩ දර්ෂනය වේවි.

3. දෙවෙනි පියවර සිදුවී අවසාන වූ පසුව terminal එකේ make යනුවෙන් සටහන් කරන්න. මෙම කමාන්ඩ් එක ලබා දීම තුලින් ඔබ භාගතකරගත් මෘදු කාංගය compile වීම ආරම්භවේ.

4.තුන්වන පියවර අවසන්වූ පසු make install විදානය ලබාදේන. මෙය මගින් ඔබේ පරිගණකයට ඔබ source code එකේ සිට compile කර ගත් program එක ස්ථාපනය කර දේවි.

1. `cd' to the directory containing the package's source code and type
`./configure' to configure the package for your system.
Running `configure' might take a while. While running, it prints
some messages telling which features it is checking for.

2.Type `make' to compile the package.

3. Optionally, type `make check' to run any self-tests that come with
the package.

4. Type `make install' to install the programs and any data files and
documentation.

5. You can remove the program binaries and object files from the
source code directory by typing `make clean'. To also remove the
files that `configure' created (so you can compile the package for
a different kind of computer), type `make distclean'. There is
also a `make maintainer-clean' target, but that is intended mainly
for the package's developers. If you use it, you may have to get
all sorts of other programs in order to regenerate files that came
with the distribution.

6. Often, you can also type `make uninstall' to remove the installed
files again.

මෙසේ මෘදුකාංගයක් source code එකේ සිට compile කිරීමෙන් සැලසෙන එක් වාසියක් වන්නේ ඔබට මෘදුකාංග ස්ථාපනය කර ගැනීමට අන්තර්ජාල සම්බන්ධතාවක් අවශ්‍ය නොවීමයි. ඔබට අවශ්‍ය මෘදුකාංගයෙහි code එක වෙනත් ස්ථානයකින් භාගතකරගෙනවිත් තමන්ගේ පරිගණකයේ සිට එය compile කර run කර ගත හැකිවීමයි.

0 යි අදහස්:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes