Latest Entries »

ලිනක්ස් වල MPlayer

ලිනක්ස් වල විවිධ වර්ගයේ movies හෝ audio files ධාවනය කරගැනීමට යොදා ගත හැකි මෘදුකාගයක් තමයි Mplayer කියන්නේ. මෙය ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න ආකාරය පිළිබද මම කලිනුත් සදහන් කරා. ඒ ලිපිය කියවීමට මේ සම්බන්ධකය හරහා යන්න. නමුත් එහි යම් කිසි සුළු අතපසු වීමක් සිදුවී ඇතැයි මට හැගෙනව එනම්. එනම් ඔබ Add/Remove Software යටතේ Mplayer යනුවෙන් සෙවීමක් කළ විට සමහර විටක එම රූප වල දක්වා ඇති පරිදි පැකේජටික ඔබට නොපෙන්වීම.
එසේ නොවන්නේ ඒ පැකේජ අන්තර්ජාලයේ තිබෙන තැන් ගැන විස්තර සෙවීමට තිබෙන repository පරිගනකය නොදන්නා කමයි. එම නිසා මුලින්ම එම repository ටික install කර ගෙන නැවතත් Mplayer කියා සෙවුම සිදු කර නැවතත් පෙර ලිපියේ පරිදි ඔබට පහසුවෙන්ම Mplayer එක ඔබේ පරිගනකයේ ස්ථාපනය කර ගැනීමට පුළුවන්.
මේසේ මෙම repository පිළිබද දත්ත ඔබේ පරිගනකයේ ස්ථාපනය කර ගැනීමට ඔබේ terminal එක විවෘත්ත කර ගෙන su(හන්තාන හෝ ෆිඩොරා වල) command එක type කර ඔබේ root password එක ලබාදී පහත command එක type කර ගන්න,



මෙහිදී මෙය ඔබේ පරිගනකයේ ස්ථාපනය කරන්නදැයි විමසාවි එයට y යනුවෙන් ලබා දී ඉදිරියට යන්න.

ඉන්පසු



ටයිප් කර පෙර පරිදිම අවශ්‍ය ස්ථානයේදි y යනුවෙන් සටහන් කරන්න.

මෙම repository ටික ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගත් පසු පෙර ලිපියේ මම කියා ඇති පරිද්දෙන් Mplyer එක ස්ථාපනය කර ගත හැකි වේවි.

ඔබ එය විවෘත්ත කරගත් පසු සමහර විට පහත පරිදි message එකක් ඔබ videos විවෘත්ත කරන විට ලැබේවි.

Failed to open VDPAU backend libvdpau_nvidia.so: cannot open shared object file: No such file or directory

එය නැවැත්වීම සදහා ඔබ gnome Mplayer එක විවෘත්ත කරගෙන එහි Edit->Preferences ගොස් එහි Player tab එකේ තියෙන video output එකහි gl තෝරන්න. දැන් පුරුදු පරිදි කැමති වීඩියෝවක් ඔබේ ලිනක්ස් පරිගණකයේ ධාවනය කර ගන්න.

0 යි අදහස්:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes