Latest Entries »

ලිනක්ස් වල තියෙන Chat Machine එක

ලිනක්ස් වල ඉදගෙන Internet භාවිතා කරන හුගක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ gmail account එකෙන් හරි yahoo account එකෙන් හරි chat කරන්න හරි හැටි message program එකක් නොදැන සිටීම. ඇත්තටම Hanthana, Fedora වගේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතිවලට එන default chat program එක තමා Empathy IM Client කියන්නෙ. Applications->Internet->Empathy IM Client යන මාර්ගයේ ගිහිල්ල මෙය විවෘත්ත කර ගන්න පුළුවන්. ඔබේ ලිනක්ස් පරිගනකයේ මෙය ස්ථාපනය කර ගෙන නැතිනම් System->Application->Add/Remove Software යටතේ empathy කියා දෙපාරක් find බොත්තම ඔබා පහත දැක්වෙන පැකේජටික පරිගණකයේ ස්ථාපනය කර ගන්න.


ඉන්පසු Empathy විවෘත්ත කරගෙන Edit->Accounts->Add යටතේ ඔබේ Email service එක තෝරා Account එකක් Create කරගන්න.





ඉන් පසු ඔබේ email account එකේ ID එකයි password එකයි දීල connect බොත්තම ඔබන්න. එච්චරයි. ඔබේ ඊමේල් එකේ තියෙන contact list එක එහි දර්ශනය වේවි. හරිම සරලයි. මෙහි ඇති වාසිය තමා ඔබට අවෂ්‍ය නම් තමන්ගේ Email accounts කිහිපයක තියෙන contact list මේකට ඇතුලත් කරගත හැකි වීම. ඒ නිසා කුමන වර්ගයක email account එකක් තිබුනත් තමන්ට කැමති වෙලාවක, ඒ ඒ ආයතනයට අදාල chat program එක යොදා ගන්නෙ නැතුව, එකවිට, අනිත් අයත් එක්ක chat කරන්න හරිම පහසුයි.


0 යි අදහස්:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes