Latest Entries »

ලිනක්ස් වල HSDPA dongle එකකින් Internet Connect වෙමු

හුගක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්. හැබැයි උත්තරේ නම් සරලයි. වින්ඩෝස් වල වගේ අපි පාවිච්චි කරන ඩොන්ගල් වල drivers install කරන්න දෙයක් නැහැ ඒ නිසා කට්ටියට හරි ලේසියි. මම පාවිච්චි කරපු හැම Huawei dongle එකකම වගේ drivers Ubuntu වල තිබුන. හරි Internet Connect වෙන්න කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. ඒ ටික පහල දාල තියෙන Screenshots ටික බලල කරන්න. මේ ක්‍රමයෙදි ඔයාගෙ ISPගෙ APN එක දැනගෙන ඉන්න වෙනව. ඒ අයගෙ customer service එකට call එකක් දුන්න නම් ඔයාට APN එක මොකක්ද කියල නිකම්ම දැන ගන්න පුළුවන්. මම පාවිච්චි කරන Etisalat වල APN එක වෙන්නෙ "etisalat.data".









8 comments:

  1. මම නම් පාවිච්චි කරන්නේ එයාර්ටෙල්
    ඒත් ඉදලා හිටලා එකපාරක් ඇරුණාම ලොග් වෙන්නම දෙන් නෑ..
    සිග්නල් නම් තියෙනවා හොදට.මොකක් හරි කේස් එකක් වගෙ.මගේ වින්ඩෝස් එකත් තියෙනවා ඩුවල් ඕ එස්.
    එකෙන් නම් පුළුවන්

    එහෙම මොකො කියලා කියන්න පුළුවන් ද මචන්..?

    ReplyDelete
    Replies
    1. ඔයා මේ විදියට try කරල බැලුවද? http://airtel.lk/AirtelSL/broadband/configurations.html බලල APN එක සෙට් කරගන්න.

      Delete
  2. ZTE ඩොන්ගල් ඔය විදියට කරලා වැඩ කරන්නේ නෑ. මම හොදටම උත්සහ කරලත් බැරි උනා.

    ලිපියනම් එල ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. dongle එකේ model එක මොකක්ද? ඔයා net එකේ search කරල බැලුවද ඒක හරි ගස්ස ගන්න පුලුවන් ක්‍රම ගැන? ඔයා පාවිච්චි කරන linux එක මොකක්ද?

      Delete
  3. හැමදම වගේ වැදගත් ලිපියකින් හමුවුනාට පින් ඔබට සහෝ...


    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  4. සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන මෙවැනි ලිපි බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා නොඅනුමානයි.

    ReplyDelete
  5. සිංහල භාෂාවෙන් මෙවැනි තාක්ෂණික උපදෙස් සහිත ලිපි ඉදිරිපත් කිරීම මගින් ඉංග්‍රීසි බසින් තිබෙන සංකීර්ණ උපදෙස් කියවා තේරුම් ගැනීමට අපහසු අයට ඉතා හොඳ සේවාවක් ඉටු වේ.

    විශේෂයෙන් විවෘත මෘදුකාංග භාවිතයට අළුතෙන් එක් වන පිරිස එන්නම වැඩි වෙමින් පවතින නිසා මෙම ලිපි මගින් ඔවුනට සහායක් ලැබෙනු ඇති.

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes