Latest Entries »

ලිනක්ස් වලට NetBeans දාගනිමු

මුලින්ම ඔබ NetBeans ඔබේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අනුව බාගත කරගන්න. NetBeans අඩවියෙන් ඔබ බාගත කර ගන්නේ .sh යන extension එක ඇති file type එකකි. මෙය executable file type එකකි. නමුත් මෙහිදී ඔබ විසින් chmod විදානය ලබා දීමෙන් එම බාගත කර ගත් file type එකේ permissions executable ආකාරයට වෙනස් කර ගන්න.



(සරලවම ඔබේ termonal එකෙන් ඔබ NetBeas බාගත කරගත් folderය වෙතගොස් chmod +x එක ලබාදෙන්න) වැඩිදුරටත් ලිනක්ස් වල file permission වෙනස් කරගන්නා හැටි දැන ගැනීමට මෙතනින් යන්න. ඉන් පසු ඔබේ terminal එකේ එම NetBeans බාගත කරගත් තැනම සිට ./ යන විදානය ලබා දෙන්න. එවිට ඔබේ NetBeans Setup එක Windows වලදී මෙන් ආරම්භ වේවි. අවශ්‍ය දෙවල් ටික select කරල ඔබත් NetBeans ඔබේ Linux පරිගණකයේ ස්තාපනය කර ගන්න. 




 

3 comments:

  1. මම දැන් කියන්න යන්නෙ මම ඉහතින් විස්තර කරපු ක්‍රමයට වඩා සරල ක්‍රමයක්.
    ඒක තමයි මම කිව්වනෙ NetBeans වෙබ් අඩවියෙන් බාගත වෙන්නෙ NetBeans වල .sh කියන extension එක තියෙන file එකක් කියල.
    අළුත් ක්‍රමයෙදි කරන්න තියෙන්නේ එම file එක මත double click කරාට පස්සෙ ලැබෙන dialogue-box එකේ run in terminal කියන බොත්තම එබීම පමනයි.
    එවිටද මම අවසන් රූප දෙකෙන් පෙන්වල තියෙන විදියට installation dialogue-box එක ලැබේවි. හරි සරලයි.
    මෙහෙම කරන්න පුළුවන් .sh කියන file extension එක තියෙනව නම් විතරයි.

    ReplyDelete
  2. net beans kiyanne mokakda kiyalath kiwwoth poddak hodai neda

    ReplyDelete
  3. Netbeans කියල කියන්නේ Java ක්‍රමලේඛ භාෂාවෙන් මෘදුකාංග නිර්මාණය කරගැනීම පහසු කිරීම සදහා යොදා ගන්නා මෘදුකාංගයකි.

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes