Latest Entries »

ලිනක්ස් වල Remote Desktop

හුගක් අය වින්ඩෝස් වල එන Remote Desktop එක ගැන අසා ඇති. තවත් අය එය පාචිච්චි කොටද ඇති. නමුත් ලිනක්ස් වලද මෙවැනිම Remote Desktop එකක් තිබෙන බව ඔබ දැන සිටියාද?

සමහර විට නොදැන සිටින්නට පුළුවන. එසේ නම් දැන් අප ලිනක්ස් තුලදී Remote Desktop එක භාවිතා කරන හැටි ඉගෙන ගනිමු.

ප්‍රතමයෙන්ම ඔබ ඔබේ පරිගණකයට IP address එකක් set කර ගත යුතුය. IP address එකක් set කිරීම පිළිබදව මා පලකළ ලිපියට පිවිසීමට මෙම සම්බන්ධකය යොදා ගන්න.



සරලවම ඔබට IP address එකක් set කර ගැනීමට ඉහත ලිපියේ දැක්වෙන ආකාරයටද පුළුවන. නැතහොත් Applications->System Tools හරහා ගොස් terminal එක විවෘත්ත කරගෙන එහි,

ifconfig eth0 192.168.1.1 255.255.255.0

යනුවෙන් සටහන් කිරීම තුලින්ද එය සිදු කර ගත හැක.

දැනටමත් ඔබේ පරිගනකයට ඇතුලත් වී ඇති IP address එකක් ඇත්දැයි බැලීමට terminal එකේ ifconfig යන command එක ලබාදී, පහත රෑපයේ මා දක්වා ඇති අකාරයට සදහන් වී ඇත්තේ ඔබේ පරිගණකයට දැනටමත් සම්බන්ධ වී ඇති IP address එක බලා ගන්න. එසේ නොමැති නම් මම ඉහත සදහන් කළ ආකාර දෙකෙන් එකක් යොදා ගනිමින් ප්‍රතමයෙන් IP address එකක් පරිගණකයේ ස්ථාපනය කර ගන්න.


හරි දැන් System->Preferences හරහා Remote Desktop වෙත පිවිසෙන්න. පහත රෑපයේ දැක්වෙන ආකාරයට සකස් කරගන්න.



ඔබ කැමති password එකක් ලබා දෙන්න.

දැන් මෙහි නිල් පාටින් දිස්වෙන IP address එක මත click කරන්න. එවිට තත්පර කිහිපයකින් Compose Message යනුවෙන් Window එකක් විවෘත්ත වේවි.



එහි ඇති ඔබේ IP address එකත් සමග අවසානය දක්වා ඇති කොටස copy කර ගන්න. (මෙහි ඔබේ IP Address එකෙන් පසුව ::5900 ලෙස ඇත්තේ remote desktop software එක communicate එකන port number එකයි. මෙම ලිපියේ port numbers පිළිබදව පැහැදිලි නොකරමි. එය සරල පාටකයෙකුට අවශ්‍යද නැත.)

ඉන් පසු Applications->Internet හරහා ගොස් Remote Desktop Viewer එක විවෘත්ත කරගෙන එහි වම් පස ඉහලින් ඇති Connect බොත්තම ඔබන්නන.



ඉන්පසු විවෘත්තවෙන window එකේ අර ඉහතින් ඔබ copy කර ගත් port number එකත් සමග ඇති IP Address එක paste කර find බොත්තම ඔබන්න. එවිට password එකක් විමසයි එයට ඔබ කලින් ලබා දුන් password එක ලබා දෙන්න. දැන් Remote Desktop Viewer තුලින් තමන්ගේම desktop එක දිස්වෙන බව වටහා ගන්න.



ඉහතින් සදහන් කලේ ඔබේ පරිගණකයේ සිට නැවත Remote Desktop Viewer හරහා ඔබේ පරිගණකයටම සම්බන්ධවීමයි. ඔබේ පරිගණකයේ සිට වෙනත් පරිගණකයකට සම්බන්ධ වීමට එම පරිගණකයේ IP Address එකත් සමග port number එක ද :: ලකුණු දෙකට පසුව ලබා දිය යුතුයි. මෙහිදී වැදගත් වන්නේ එම පරිගණකයේද port number එක ඔබේ පරිගණකයේ port number එකට සමාන විය යුතු බවයි. මෙහි default port number එක හැම විටම 5900 වන නිසා ඔබට ඒ හැටි port number එක ගැන තැකීමක් කිරීමට අවශ්‍ය වන්නේ නැත. එසේ වෙන්ත් පරිගණකයකට සම්බන්ද වීමට නම් එම පරිගණක දෙක ජාලගත කරගෙන තිබිය යුතුයි. මම මෙම ලිපිය ආරම්භයේදීම සදහන් කර සම්බන්ධකය හරහා ගොස් ඔබට එය සිදු කරගන්නා ආකරයද ඉගෙන ගත හැක.

තවත් ලිපියකින් ලිනක්ස් පරිගණකයේ සිට Remote Desktop Viewer හරහා Windows ඇති පරිගණකයකට සම්බන්ධ වීමටත්, එයින් වැඩ ගැනීමටත් ඉගෙන ගනිමු.

2 comments:

  1. නියමයි සහෝදරයා..කවුරැ නැතත් මම නම් බලනවා..දිගටම ලියන්න ..ජය

    ReplyDelete
  2. @රතී
    ස්තූතියි මිත්‍රයා...

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes