Latest Entries »

ඔබ කැමතිම Video Formats ලිනක්ස් වල Play කිරීමට MPlayer

ලිනකස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන සාමාන්‍ය පරිෂීලකයාට තිබෙන අපහසුතා අතුරෙන් එකක් නම් තමන් කැමති video ෆයිල් වර්ගයක් ලිනක්ස් වල play කර ගැනීමේ අපහසුතාවයයි. නමුත් MPlayer මෘදුකාංයෙන් මෙම අපහසුතාවය මගහරවා ගත හැක. මෙම player එක මගින් අප සාමාන්‍යතායෙන් භාවිතා කරන flv, mpg, mp4, wmv වැනි ඕනෑම video format එකක files play කර ගත හැකිය.


මෙම player එක පරිගණකයේ ස්ථාපනය කර ගැනීමටද වැඩි දැනුමක් අවශ්‍ය නැත.

නමුත් මෙය භාගත කර ගැනමට internet සම්බන්දතාවය අවශ්‍ය වේ.

ඔබ gnome desktop එක භවිතා කරයි නම් system->Administration->Add/Remove Software යටතේ විවෘත්ත වන වින්ඩෝවේ MPlayer යනුවෙන් search කරන්න එහි ඇති පහත සදහන් පැකේජ ස්තාපනය කර ගන්න,

An MPlayer GUI,a full featured binary
An MPlayer GUI,common files
Movie player playing most video formats and DVDs
MPlayer common files


එය සිදුකිරීම සිංදුවක් අසන තරමටම පහසුවේ. MPlayer එක ගැන තව දුරටත් ඉගෙනීමට එහි help එක භාවිතා කරන්න.

වැඩිදුර ඉගෙනීමට MPlayer Documentation එක කියවන්න.

මෙම ලිපිය පිළිබදව සිදුකළ නිවැරදි කිරීමක් දැන ගැනීමට මෙම සම්බන්ධකය හරහා පිවිසෙන්න.

2 comments:

  1. Net connection එකක් නැති computer එකක මේක කරගන්න ඕනේ නම් මේක download කරලා install කරන්න. සියළු දෝස නිවාරණයි ;)

    http://hacktolive.org/wiki/Ubuntu-restricted-extras_offline_installer

    ReplyDelete
  2. @Ishan

    මේකට සමාන fedora වලට එහෙම එකක් තියෙනවද?

    ඔබේ Ubuntu-restricted-extras_offline_installer එකෙහි ක්‍රියාකාරීත්වය ගැන තවටිකක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොදයි කියල මට හිතෙනව.

    ඒක මේ codecs සම්බන්ධ packages ස්තාපනය කරන එකක්ද?

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Bloggers - Meet Millions of Bloggers

Add to My AOL Add to netvibes